Ultimate magazine theme for WordPress.

මෝර්ගන්ට අවසන් 20යි 20 තරග දෙක අහිමි වෙයි

එංගලන්ත නායක ඔයින් මෝර්ගන්ට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවැත්වීමට නියමිත අවසන් පන්දුවාර 20යි 20 තරග දෙක ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වී තිබෙනවා.

ඒ, ඔහු දකුණු පාදයේ ආබාධයකට ලක්ව සිටීම හේතුවෙන්

මෙම ආබාධය නිසා මෝර්ගන් පසුගියදා පැවැති තෙවැනි 20යි 20 තරගය සදහා ද ක්‍රීඩා කළේ නැහැ.

ඒ හේතුවෙන් එංගලන්ත කණ්ඩායම එම තරගයේ දී මෙහෙයවනු ලැබුවේ මොයීන් අලී විසින්.

දෙරට අතර පැවැත්වෙන සිව්වැනි හා පස්වැනි 20යි 20 තරග එළඹෙන 29 හා 30 යන දිනවලදී පැවැත්වීමට නියමිතයි.

මේ වන විට තරග 2-1ක් ලෙස තරගාවලියේ පෙරමුණ හිමි කර ගෙන සිටින්නේ කොදෙව් කණ්ඩායමයි.

Leave a comment