Ultimate magazine theme for WordPress.

සමු ගත් මොයීන් අලී ටෙස්ට් සංචිතයට කැදවයි

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග ආරම්භ වීමට නියමිත එළ‍ෙඹන ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය සදහා වන ක්‍රීඩකයින් 30 දෙනෙකුගෙන් යුත් පුහුණු සංචිතයක් එංගලන්තය විසින් නම් කර තිබෙනවා.

ඊට තුන් ඉරියව් ක්‍රීඩක මොයීන් අලී සහ කඩුලු රකින පිතිකරු ජොනී බෙයාර්ස්ටව් ද නම් කර ඇති බවයි එරට ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ.

පසුගිය අලුබදුන තරගාවලිය අතරතුර දී කණ්ඩායමේ සිය ස්ථානය අහිමි වීමෙන් පසුව මොයීන් අලී ටෙස්ට් පිටියෙන් තාවකාලිකව සමු ගැනීමට තීරණය කළා.

අනතුරුව ඔහුව ටෙස්ට් සංචිතයකට කැදවූ පළමු අවස්ථාව මෙයයි.

පුහුණු සංචිතය සදහා මෙතෙක් ටෙස්ට් වරම් දිනා නොගත් ක්‍රීඩකයින් 8 දෙනෙකු ද නම් කර තිබෙනවා.

සියලු ක්‍රීඩකයින් ලබන 23 වනදා සිට සවුත්හැම්ටන් හී දී පුහුණු කටයුතු ආරම්භ කිරීමට නියමිතයි.

දෙරට අතර පැවැත්වෙන තරග 3කින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය ලබන 8 වනදා ආරම්භ වනවා.

ටෙස්ට් තරගාවලිය ප්‍රේක්ෂකයින්ගේ සහභාගීත්වයකින් තොරව පැවැත්වෙනු ඇති.

England training group:

Moeen Ali, James Anderson , Jofra Archer , Jonny Bairstow , Dom Bess , James Bracey , Stuart Broad , Rory Burns , Jos Buttler , Zak Crawley , Sam Curran , Joe Denly , Ben Foakes , Lewis Gregory, Keaton Jennings , Dan Lawrence , Jack Leach , Saqib Mahmood , Craig Overton , Jamie Overton , Matthew Parkinson , Ollie Pope , Ollie Robinson , Joe Root , Dom Sibley , Ben Stokes , Olly Stone , Amar Virdi , Chris Woakes , Mark Wood

Leave a comment