Ultimate magazine theme for WordPress.

සැලසුම ඇහුවම මොකුත් කරන්නෙ නැහැ කීවා, විවේකයක් ගන්න විතරක් මෙන්ඩිස්ට කීවලු : අවිශ්ක

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක කුසල් මෙන්ඩිස්ගේ සේවය නිසි අයුරින් කණ්ඩායමට ලබා ගැනීමටනම් ඔහු සම්බන්ධයෙන් නිසි සැලසුමක් සහිතව කටයුතු කළ යුතු බව ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩකයෙකු මෙන්ම පුහුණුකරුවෙකු වන අවිශ්ක ගුණවර්ධන මහතා පවසනවා.

ඒ, ක්‍රිකට් විස්තර විචාරක රසල් ආර්නෝල්ඩ් මහතා එක්වන Chilling With Russel වැඩසටහන එක්වෙමින්.

මෑතකදී කුසල් මෙන්ඩිස් අසාර්ථක වූ අවස්ථාවේ දී ඔහුට විවේකයක් ලබා දීමට පමණක් ක්‍රියා කර තිබූ බවත්, ඔහුගෙන් සිදුවන වැරැදි හදුනා ගැනීමට කිසිදු වැඩපිළිවෙලක් යොදා නොතිබූ බවත්, ගුණවර්ධන මහතා මෙම වැඩසටහනේ දී සදහන් කළා.

“එංගලන්ත තරගාවලියෙ පළමු ටෙස්ට් තරගයෙන් පස්සේ කුසල්ව එළියට ගත්තට පස්සේ මට හම්බුනා සති දෙකකට විතර පස්සේ. මම ඇහුවා මොකද කරන්නේ කියලා. මොකුත් කරන්නේ නෑ කීව. මම ඇහුවා මොකක් හරි ප්ලෑන් එකක් තියෙනවා ද කියලා. නෑ එහෙම නෑ බ්‍රේක් එකක් (විවේකයක්) ගන්න කිව්වා කියලා කීව” යනුවෙන් හෙතෙම කියා සිටියා.

කෙසේ වෙතත්, අවිශ්ක ගුණවර්ධන මහතා පෙන්වා දෙන්නේ එම අවස්ථාවේ දී කුසල් මෙන්ඩිස්ගේ පිතිකරණයේ සිදු වන දුර්වලතාවය හදුනා ගැනීම සදහා නිසි වැඩපිළිවෙලක් සිදු කළ යුතුව තිබූ බවයි.

ඔහුගේ වරද හදුනා ගෙන එය නිවැරැදි කර ගැනීම සදහා කෙටි කාලීන හා දිගු කාලීන සැලසුමක් සකස් කළ යුතුව තිබූ බව ඔහුගේ අදහසයි.

Leave a comment