Ultimate magazine theme for WordPress.

මෙන්ඩිස් – KJP ගැටුම අද; කණ්ඩායම් දෙක මෙන්න

එංගලන්ත තරග සංචාරයට එක්ව සිටින ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයින් අද(16) දිනයේ දී පළමු පුහුණු තරගයට එක් වනවා.

පන්දුවාර 50 තරගයක් ලෙස එය මැන්චෙස්ටර්හි Old Trafford ක්‍රීඩාංගනයේ දී පැවැත්වෙන බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහන් කළේ.

තරගය මෙරට වේලාවෙන් අද පස්වරු 3ට ආරම්භ වන අතර, මෙම තරගය පැවැත්වෙන්නේ ශ්‍රී ලංකා සංචිතයේම ක්‍රීඩකයින් අතරයි.

එක් කණ්ඩායමක් කුසල් ජනිත් පෙරේරා විසින් ද, අනෙක් කණ්ඩායම කුසල් මෙන්ඩිස් විසින් ද මෙහෙය වනු ඇති.

තරගය සදහා එක්වන කණ්ඩායම් දෙක පහතින් –

Team KJP –

Avishka Fernando, Danushka Gunathilaka, Kusal Janith, Dhananjaya De Silva, Dasun Shanaka, Chamika Karunaratne, Ishan Jayaratne, Binura Fernando, Lakshan Sandakan, Akila Dananjaya, Nuwan Pradeep.

Team Mendis –

Oshada Fernando, Charith Asalanka, Pathum Nissanaka, Kusal Mendis, Niroshan Dickwella, Wanindu Hasaranga, Ramesh Mendis, Isuru Udana, Dushmantha Chameera, Asitha Fernando, Shiran Fernando, Praveen Jayawickrema

එංගලන්ත තරග සංචාරයේ දී ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර 20යි 20 තරග 3ක් සහ එක්දින තරග 3ක් පැවැත්වීමට නියමිතයි.

පළමු 20යි 20 තරගය ජූනි 23 වනදා කාර්ඩිෆ් හී දී පැවැත්වෙනු ඇති.

ජූනි 24 වනදා දෙවන 20යි 20 තරගය ද එම ක්‍රීඩාංගනයේ දී ම පැවැත්වෙන අතර, තෙවැනි 20යි 20 තරගය පැවැත්වීමට නියමිතව ඇත්තේ ජූනි 26 වනදා සවුත්හැම්ටන් හී දී යි.

දෙරට අතර පළමු එක්දින තරගය ජූනි 29 වනදා ඩර්හැම්හී දී ද, දෙවැනි එක්දින තරගය ජූලි පළමු වනදා ලන්ඩන්හි ඕවල් ක්‍රීඩාංගනයේ දී ද, තෙවැනි එක්දින තරගය ජූලි 4 වනදා බ්‍රිස්ටල්හී දී ද පැවැත්වීමට නියමිතව තිබෙනවා.

Leave a comment