Ultimate magazine theme for WordPress.

මුෂ්ෆිකර් තීරණය වෙනස් කරයි

සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහි 20යි 20 තරගාවලිය සදහා ද ක්‍රීඩා කිරීමට බංග්ලාදේශයේ මුෂ්ෆිකර් රහීම් මේ වන විට තීරණය කර තිබෙනවා.

මීට පෙර ඔහු එම තරගාවලියට එක් නොවීමටයි තීරණය කර තිබුණේ.

දෙරට අතර පැවැත්වීමට නියමිත එක්දින තරගාවලියෙන් පසුව 20යි 20 තරගාවලියට ක්‍රීඩා නොකර ජෛව ආරක්ෂිත බුබුලෙන් ඉවත් වීමට මුෂ්ෆිකර් රහීම් සූදානමින් පසුවුව ද ඔහු එලෙස තරගාවලියෙන් ඉවත් වූයේ නම් ඉදිරියේ දී ආරම්භ වීමට නියමිත ඔස්ට්‍රේලියාවට එරෙහි 20යි 20 තරගාවලිය සදහා ද ක්‍රීඩා කිරීමේ අවස්ථාව ඔහුට අහිමි වීමේ අවධානමත් පැවතුණා.

ඒ, ඔස්ට්‍රේලියාවට එරෙහි තරගාවලිය වෙනුවෙන් වන ජෛව ආරක්ෂිත බුබුලට ඔහුට යළි ඇතුළු වීමේ දී ගැටලු සහගත තත්ත්වයක් උත්ගත වන බැවින්.

බංග්ලාදේශය හා සිම්බාබ්වේ අතර එක්දින හා 20යි 20 තරගාවලි සදහා තරග 3 බැගින් ඇතුළත්.

අනතුරුව අගෝස්තු 2 – 8 අතර කාලයේ දී බංග්ලාදේශය හා ඔස්ට්‍රේලියාව අතර තරග 5කින් යුත් 20යි 20 තරගාවලිය බංග්ලාදේශයේ දී පැවැත්වීමට නියමිතයි.

Leave a comment