Ultimate magazine theme for WordPress.

මුෂ්ෆිකර්ගේ මවට හා පියාට කොවිඩ් ආසාදනය වෙයි

බංග්ලාදේශ කඩුලු රකින ක්‍රීඩක මුෂ්ෆිකර් රහීම් සිම්බාබ්වේ තරග සංචාරයේ ඉදිරි තරගවලින් ඉවත් වීමට තීරණය කර තිබෙනවා.

පෞද්ගලික හේතුවක් මත ඔහු ඉදිරි තරගවලින් ඉවත්ව ඇති බවයි බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය සදහන් කළේ.

රහීම්ගේ මවට සහ පියාට කොවිඩ් 19 ආසාදනය වීම නිසා ඔහු එලෙස යළි සියරට බලා පිටව යාමට තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහි 20යි 20 තරගාවලිය සදහා ක්‍රීඩා නොකිරීමට මුෂ්ෆිකර් රහීම් මීට පෙර තීරණය කර තිබූ නමුත්, පසුව ඔහු එම තරගාවලියට එක් වීමටයි තීරණය කළේ.

නමුත්, පවතින තත්ත්වය මත ඔහුට යළි සිය තීරණය වෙනස් කිරීමට සිදුව තිබෙනවා.

මුෂ්ෆිකර් රහීම්ට එළඹෙන ඔස්ට්‍රේලියානු තරගාවලිය සදහා ද ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වීමේ අවධානමක් මේ වන විට මතුව ඇති බව සදහන්.

ඒ, සියලු ක්‍රීඩකයින් ජෛව ආරක්ෂිත බුබුලට ඇතුළත් වීමට පෙර දින 10ක කාලයක් නිරෝධායනය විය යුතු බවට බංග්ලාදේශ හා ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතන තීරණය කර ඇති බැවින්.

Leave a comment