Ultimate magazine theme for WordPress.

මුල්පෙල පිතිකරුවන් ගැන මිකී ආතර් කතා කරයි

Pre Match Press Conference

මෙවර පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ ශ්‍රී ලංකාව ක්‍රීඩා කරන පළමු වටයේ දෙවැනි තරගය අද(20) අයර්ලන්තයට එරෙහිව පැවැත්වීමට නියමිතයි.

ශ්‍රී ලංකාව හා අයර්ලන්තය යන කණ්ඩායම් දෙකම ඔවුන් ක්‍රීඩා කළ පළමු තරගයෙන් ජය වාර්තා කර ඇති බැවින් අද තරගයෙන් ජය ගන්නා කණ්ඩායමට තරගාවලියේ සුපිරි 12 වටයට සුදුසුකම් ලබා ගැනීමට සදහා වැඩි අවස්ථාවක් උදා කර ගැනීමට හැකියාව පවතිනවා.

තරගය මෙරට වේලාවෙන් රාත්‍රී 7.30ට අබුඩාබිහී දී ආරම්භ වීමට නියමිතයි.

පළමු තරගයේ දී ශ්‍රී ලංකා මුල් පෙල පිතිකරුවන් අසාර්ථක වුවද, අද තරගයේ දී ද මුල්පෙල පිතිකරුවන්ගේ කිසිදු වෙනස්කමක් සිදු නොවනු ඇති බවයි පුහුණුකරු මිකී ආතර් සදහන් කර සිටියේ.

දකුණු අප්‍රිකාවට එරෙහිව නිමා වූ 20යි 20 තරගාවලියේ දී ලැබූ අර්ධ ශතකයෙන් පසුව දිනේෂ් චන්දිමාල් යළිත් පිතිකරුවෙකු ලෙස අසාර්ථක වී තිබෙනවා.

ඔහු එම අර්ධ ශතකයේ සිට මේ දක්වා ලබා ගෙන ඇත්තේ පිළිවෙලින් ලකුණු 5, 0, 18, 13 හා 5 ක්.

පැතුම් නිස්සංක ද පළමු තරගයේ දී අසාර්ථක වුවද, ඔහුට ද තවදුරටත් කණ්ඩායමේ ස්ථානය හිමි වනු ඇති.

ආබාධයකින් පසුව කණ්ඩායමට පැමිණි කුසල් ජනිත් ද තවමත් සිය සුපුරුදු රිද්මය සොයාගෙන නැහැ.

කෙසේ වෙතත්, මිකී ආතර් මාධ්‍ය වෙත අදහස් දක්වමින් සදහන් කළේ කුසල් ජනිත් ද කඩිනමින් සිය සුපුරුදු ප්‍රහාරාත්මක පිතිහරඹයේ නිරත වනු ඇති බවට තමා විශ්වාස කරන බවයි.

අද තරගයට ක්‍රීඩා කළ හැකි කණ්ඩායම් දෙක –

Sri Lanka: Pathum Nissanka, Kusal Perera (wk), Dinesh Chandimal, Avishka Fernando, Bhanuka Rajapaksa, Dasun Shanaka (c), Chamika Karunaratne, Wanindu Hasaranga, Dushmantha Chameera, Maheesh Theekshana, Lahiru Kumara

Ireland : Paul Stirling, Kevin O’Brien, Andy Balbirnie (c), Gareth Delany, Curtis Campher, Harry Tector, Neil Rock (wk), Simi Singh, Mark Adair, Josh Little, Ben White

Leave a comment