Ultimate magazine theme for WordPress.

ප්‍රබලයින් දෙදෙනෙකු නොමැතිව මුම්බායි කණ්ඩායම රදවා ගත් ක්‍රීඩකයින් සිව් දෙනා මෙන්න

එළඹෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම විසින් රදවා ගත් ක්‍රීඩකයින් අද(30) නිවේදනය කෙරුණා.

ඒ අනුව නායක රෝහිට් ෂර්මා, ජස්ප්‍රිට් බුම්රා, කිරන් පොලාඩ් හා සූර්යකුමාර් යාදෙව් යන ක්‍රීඩකයින් සිය කණ්ඩායමේ රදවා ගැනීමටයි එම කණ්ඩායම තීරණය කර ඇත්තේ.

ෂර්මාට ඉන්දීය රුපියල් කෝටි 16ක වටිනාමක් ද, බුම්රාට ඉන්දීය රුපියල් කෝටි 12ක වටිනාමක් ද , පොලාඩ්ට ඉන්දීය රුපියල් කෝටි 6ක වටිනාමක් ද, සූර්යකුමාර් යාදෙව්ට ඉන්දීය රුපියල් කෝටි 8ක වටිනාකමක් ද හිමිව තිබෙනවා.

ඒ අනුව මුම්බායි කණ්ඩායමේ ප්‍රබල ක්‍රීඩකයින් දෙදෙනෙකු වූ ඉෂාන් කිෂන් හා හර්ඩික් පාන්ඩ්යා ඉදිරි තරගාවලිය සදහා කණ්ඩායමේ රදවා නොගැනීමටයි පියවර ගෙන ඇත්තේ.

සියලු කණ්ඩායම්වලට උපරිම වශයෙන් ක්‍රීඩකයින් සිව් දෙනෙකු සිය කණ්ඩායමේ රදවා ගැනීමට මෙවර අවස්ථාව ලබා දුන්නා.

ඒ අතරට උපරිම වශයෙන් විදෙස් ක්‍රීඩකයින් දෙදෙනෙකු ද රදවා ගැනීමේ හැකියාව කණ්ඩායම් වෙත හිමිවුණා.

Leave a comment