Ultimate magazine theme for WordPress.

මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම ඇතුළටත් කොරෝනා රිංගයි

මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ කඩුලු රැකීමේ උපදේශක Kiran More ට කොරෝනා වෛරසය (කොවිඩ් 19) ආසාදනය වී තිබෙනවා.

ඉන්දීය හිටපු කඩුලු රකින පිතිකරුවෙකු වන ඔහු මේ වන විට සෙසු සාමාජිකයින්ගෙන් හුදෙකලා කර ඇති බවයි මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම නිවේදනය කළේ.

මීට පෙර දිල්ලි කැපිටල්ස් කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක අක්සාර් පටෙල්ට, රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමේ ආරම්භක පිතිකරු දෙව්දත් පඩික්කල්ට සහ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමට සම්බන්ධ පුද්ගලයෙකුට ද වෛරසය ආසාදනය වුණා.

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය එළඹෙන 9 වනදා චෙන්නායිහී දී ආරම්භ වන්නේ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සහ රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම අතර පැවැත්වෙන තරගයත් සමගින්.

Leave a comment