Ultimate magazine theme for WordPress.

මැතිව්ස්ගේ නායකත්ව පත් කිරීම ශ්‍රී ලංකා ක්‍රිකට් තහවුරු කරයි

බටහිර ඉන්දීය කොදෙව් තරග සංචාරයේ දී ශ්‍රී ලංකා 20යි 20 කණ්ඩායමේ වැඩබලන නායකයා ලෙස හිටපු නායක ඇන්ජෙලෝ මැතිව්ස් පත් කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තහවුරු කළා.

නිවේදනයක් නිකුත් කරමින් එම ආයතනය පෙන්වා දෙන්නේ අදාළ තරග සංචාරයේ දී ශ්‍රී ලංකා 20යි 20 කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කිරීමට නියමිතව සිටි දසුන් ශානකට මෙතෙක් කොදෙව් දේශය බලා පිටව යාමට නොහැකි වීම මත මෙම පත් කිරීම සිදු කළ බවයි.

අමෙරිකානු වීසා ලබා ගැනීමේ ගැටලුවක් හේතුවෙනුයි දසුන් ශානකට කොදෙව් දේශය බලා පිටත්ව යාමට තවමත් නොහැකි වී ඇත්තේ. ALSO READ : දසුන්ගේ ගමන් බලපත්‍රය නැති වෙයි – කොදෙව් සංචාරයට පිටව යාමටත් නොහැකි වෙයි

දසුන් ශානක කොදෙව් දේශයට ළගා වීමෙන් පසුව දින 3ක නිරෝධායන කාලයක් ද ගත කළ යුතු බැවින් ඔහුට 20යි 20 තරගාවලියම ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වනු ඇති බව වාර්තා වනවා.

කෙසේ වෙතත්, ගැටලුව විසදා ගත් වහාම දසුන් ශානක කණ්ඩායම සමග එක්වන බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ.

දෙරට අතර පැවැත්වෙන පළමු 20යි 20 තරගය ලබන 3 වනදා ඇන්ටිගුවාහී දී පැවැත්වීමට නියමිතයි.

ALSO READ : “විදෙස් ගමන් බලපත්‍රය අස්ථානගත වුණේ වසර දෙකකට පෙරයි” : දසුන් ශානක

Leave a comment