Ultimate magazine theme for WordPress.

මැක්ස්වෙල් ‘ද හන්ඩ්‍රඩ්’ තරගාවලියට බෑ කියයි

ඔස්ට්‍රේලියානු තුන් ඉරියව් ක්‍රීඩක ග්ලේන් මැක්ස්වෙල් ද මෙවර ‘ද හන්ඩ්‍රඩ්’ හෙවත් පන්දු සියයේ තරගාවලියෙන් ඉවත් වී තිබෙනවා.

එංගලන්තයේ දී මෙවර පළමු වරට සංවිධාන කර ඇති අදාළ තරගාවලියේ දී ඔහු ක්‍රීඩා කිරීමට නියමිතව සිටියේ London Spirit කණ්ඩායම සදහායි.

ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ එළඹෙන බටහිර ඉන්දීය කොදෙව් සහ බංග්ලාදේශ තරග සංචාරවලින් ද ඉවත් වීමටයි පසුගියදා මැක්වෙල්ස් තීරණය කළේ.

ඔහු වෙනුවට ඕස්ට්‍රේලියානු පළමු පෙල ක්‍රීඩකයෙකු වන Josh Inglis සිය කණ්ඩායමට එක් කර ගැනීමට ලන්ඩන් කණ්ඩායම පියවර ගෙන තිබෙනවා.

පුහුණුකරු ශේන් වෝර්න් මේ බව මාධ්‍ය වෙත තහවුරු කළා.

මීට පෙර ඔස්ට්‍රේලියාවේ ඩේවිඩ් වෝනර් සහ මර්කස් ස්ටොයිනිස් ද මෙවර තරගාවලියෙන් ඉවත් වූ අතර, ඔවුන් වෙනුවට නවසීලන්තයේ ඩෙවෝන් කොන්වේ සහ දකුණු අප්‍රිකාවේ ක්වෙන්ටන් ඩී කොක් සදර්න් බ්‍රේව් කණ්ඩායම (Southern Brave) සමග පසුගියදා ගිවිසුම් අත්සන් කළා.

“ද හන්ඩ්‍රඩ්” තරගාවලිය ජූලි 21 වනදා සිට අගෝස්තු 21 වනදා දක්වා පැවැත්වීමට නියමිතව තිබෙනවා.

Leave a comment