Ultimate magazine theme for WordPress.

මැකලම් වෙනුවට පත් කෙරුණු නයිට් රයිඩර්ස් නව පුහුණුකරු නිවේදනය කෙරේ

කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමේ නව ප්‍රධාන පුහුණුකරු ලෙස Chandrakant Pandit පත් කර තිබෙනවා.

61 හැවිරිදි ඔහුව එම තනතුරට පත් කර ඇත්තේ මෙතෙක් අදාළ ධූරයේ කටයුතු කළ නවසීලන්ත හිටපු ක්‍රිකට් ක්‍රීඩක බ්‍රෙන්ඩන් මැකලම් වෙනුවටයි.

මැකලම් මේ වන විට එංගලන්ත ටෙස්ට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කරන බැවින් ඔහුට කොල්කටා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ධූරයෙන් ඉවත් වීමට සිදු වුණා.

ඉන්දීය කණ්ඩායමේ හිටපු කඩුලු රකින ක්‍රීඩකයෙකු වන Chandrakant Pandit ඉන්දියාව වෙනුවෙන් ටෙස්ට් තරග 5කට හා එක්දින තරග 36 කට ක්‍රීඩා කර තිබෙනවා.

ඔහුගේ පුහුණුකාරීත්වය යටතේ මුම්බායි, විදර්භා හා මධ්‍ය ප්‍රදේශ් යන කණ්ඩායම් රංජි කුසලානය දිනා ගැනීමට ද සමත් වුණා.

Leave a comment