Ultimate magazine theme for WordPress.

මාස 7 කට පසු ජමීසන් යළි නවසීලන්ත ටෙස්ට් සංචිතයට

එංගලන්තය සමග පැවැත්වීමට නියමිත තරග 2කින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය සදහා වන ක්‍රීඩකයින් 14 දෙනෙකුගෙන් යුත් නවසීලන්ත සංචිතය නම් කර තිබෙනවා.

ටිම් සවුතිගේ නායකත්වයෙන් යුත් සංචිතයට තුන් ඉරියව් ක්‍රීඩක ක්යිල් ජමීසන් කැදවා තිබීම විශේෂත්වයක්.

පසුගිය වසරේ ජූනි මාසයේ දී එංගලන්තය සමග පැවැති දෙවැනි ටෙස්ට් තරගයේ දී පිට කොන්දේ ආබාධයකට ලක්වීමෙන් අනතුරුව ඔහුව ජාතික සංචිතයට නම් කෙරුණු පළමු අවස්ථාව මෙයයි.

මාස 7ක පමණ කාලයක් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් ඉවත් වීමට සිදු වූ ඔහුට දේශීය තරග පිටියට පිවිසීමට සිදු වූයේ ද මෙම වසරේ ජනවාරි මාසයේ දී යි.

පාකිස්තානයට එරෙහි ටෙස්ට් තරගාවලියේ වැඩිම කඩුලුලාභියා වූ ඉෂ් සෝදි මෙම සංචිතය සදහා ද නම් කිරීමට එරට තේරීම් කමිටුව පියවර ගෙන තිබෙනවා.

පිට දග පන්දු යවන තුන් ඉරියව් ක්‍රීඩක මයිකල් බ්‍රේස්වෙල් සංචිතයේ දෙවැනි දග පන්දු යවන්නා වන අතර, අජාස් පටෙල් සංචිතය සදහා නම් කර නැහැ.

පාකිස්තාන සංචාරයේ දී ආබාධයන්ට ලක් වූ ටොම් බන්ඩෙල් හා මැට් හෙන්රි මෙම තරගාවලිය ආරම්භ වන විට සුදුසු ශාරීරික යෝග්‍යතාවයකින් පසුවනු ඇති.

දෙරට අතර පළමු ටෙස්ට් තරගය නවසීලන්තයේ Tauranga හි Bay Oval ක්‍රීඩාංගනයේ දී පෙබරවාරි 16 වැනිදා දිවා රාත්‍රී ටෙස්ට් තරගයක් ලෙස ආරම්භ වීමට නියමිතයි.

New Zealand squad:

Tim Southee (c), Michael Bracewell, Tom Blundell (wk), Devon Conway, Matt Henry, Kyle Jamieson, Tom Latham, Daryl Mitchell, Henry Nicholls, Ish Sodhi, Blair Tickner, Neil Wagner, Kane Williamson, Will Young

Leave a comment