Ultimate magazine theme for WordPress.

මාස 5කට පසු මලික්ට පවුල සමග එක්වන්න ක්‍රිකට් ආයතනයෙන් සහනයක්

එළඹෙන එංගලන්ත තරග සංචාරය සදහා වන පාකිස්තාන සංචිතය එළඹෙන 28 වනදා පාකිස්තානයෙන් පිටත්ව යන බව එරට ක්‍රිකට් ආයතනය පවසනවා.

ක්‍රීඩකයින් 29 දෙනෙකුගෙන් යුත් සංචිතයක් මෙම සංචාරයට නම් කර ඇතත්, ෂොයිබ් මලික් පමණක් එළඹෙන 28 වනදා එංගලන්තය බලා පිටත්ව නොයන බවයි පාකිස්තානය ක්‍රිකට් ආයතනය සදහන් කළේ.

ඔහු සිය පවුලේ සාමාජිකයින් සමග කාලය ගත කර ජූලි 24 වනදා සංචිතය සමග එක් වනු ඇති.

පාකිස්තාන සංචිතයේ ක්‍රීඩකයින් දින 14ක කාලයක් ඩර්බිෂෙයාර් හී දී නීරෝධායන ක්‍රියාවලියකට එක් වන බව සදහන්.

කෙසේ වෙතත්, එම කාලයේ දී ඔවුන්ට පුහුණුවීම් කටයුතු සදහා ද එක් වීමට අවසර ලැබී තිබෙනවා.

සත්කාරක රටේ කණ්ඩායමක් සමග පුහුණු තරග පැවැත්වීමට ඇති බාධා හේතුවෙන් පාකිස්තාන සංචිතයේම ක්‍රීඩකයින් අතර පුහුණු තරග එංගලන්ත තරග සංචාරයේ දී පැවැත්වීමට සැලසුම් කර ඇති බව සදහන්.

කොරෝනා වසංගතයත් සමග ඇති වූ තත්ත්වයන් හේතුවෙන් ෂොයිබ් මලික් සිය බිරිද වන ඉන්දීය ටෙනිස් ක්‍රීඩිකා සානියා මිර්සා සහ දරුවා මාස 5ක පමණ කාලයකින් දැක නොමැති වීම හේතුවෙන් ඔහුට ඉදිරි සති කිහිපය පවුලේ සාමාජිකයින් සමග ගත කිරීමට පාකිස්තාන ක්‍රිකට් ආයතනය අවසර ලබා දී තිබෙනවා.

මෙම තරග සංචාරයේ දී දෙරට අතර 20යි 20 තරග 3ක් සහ ටෙස්ට් තරග 3ක් පැවැත්වීමට නියමිතයි.

Leave a comment