Ultimate magazine theme for WordPress.

මාලිංගට සහ ඉසුරුට IPL පළමු සතිය අහිමි වෙයි

මෙවර අයි.පී.එල් තරගාවලියට ක්‍රීඩා කිරීමට නියමිතව සිටින ලසිත් මාලිංග සහ ඉසුරු උදානට තරගාවලියේ පළමු සතිය අහිමි වනු ඇති බව වාර්තා වනවා.

ඒ, ලංකා ප්‍රිමියර් ලීග් (එල්.පී.එල්) ක්‍රිකට් තරගාවලිය එම කාලයේ දී සංවිධාන කිරීම හේතුවෙන්.

එල්.පී.එල් තරගාවලිය අගෝස්තු 28 වනදා ආරම්භ වන අතර, සැප්තැම්බර් 20 වනදා අවසන් වීමට නියමිතයි.

ඒ අනුව සැප්තැම්බර් 20 වනදා දක්වා කිසිදු ශ්‍රී ලංකා ක්‍රීඩකයෙකුට වෙනත් තරගාවලියක් ක්‍රීඩා කිරීමේ අවසර හිමි නොවනු ඇති.

මෙවර අයි.පී.එල් තරගාවලිය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවැත්වීමට නියමිත අතර, තරගාවලියට එක් වීමට පෙර ක්‍රීඩකයින්ට දින කිහිපයක නීරෝධායනයකට ද ලක් වීමට සිදු වනවා.

ඒ හේතුවෙනුයි මුම්බායි ඉන්දියන්ස් නියෝනය කරන ලසිත් මාලිංගට සහ රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් නියෝජනය කරන ඉසුරු උදානට අවම වශයෙන් මෙවර අයි.පී.එල් තරගාවලියේ පළමු සතියේ තරග අහිමි වීමේ අවධානමක් මතුව ඇත්තේ.

Leave a comment