Ultimate magazine theme for WordPress.

මාලන් සැමුවෙල්ස්ට අයි.සී.සීය දූෂන චෝදනා ගොණු කරයි

බටහිර ඉන්දීය කොදෙව් හිටපු තුන් ඉරියව් ක්‍රිකට් ක්‍රීඩක මාලන් සැමුවෙල්ස්ට එරෙහිව ජගත් ක්‍රිකට් කවුන්සලය(ICC) අයි.සී.සී දූෂන මර්දන පනත යටතේ චෝදනා ගොණු කර තිබෙනවා.

එමිරේට්ස් ක්‍රිකට් ආයතනය වෙනුවට අයි.සී.සීය විසින් මෙම චෝදනා ගොණු කළ බවයි ජගත් ක්‍රිකට් කවුන්සලය නිකුත් කළ මාධ්‍ය නිවේදනයක දැක් වුණේ.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වෙන T 10 ලීගයට අදාළව මෙම චෝදනා ගොණු කර ඇති බව සදහන්.

එමිරේට්ස් ක්‍රිකට් දූෂන මර්දන පනතේ වගන්ති 4ක් උල්ලංඝනය කළ බවට ඔහුට චෝදනා එල්ල වී තිබෙනවා.

චෝදනාවලට ප්‍රතිචාර දැක්වීම සදහා සැමුවෙල්ස්ට ඊයේ(21) දිනයේ සිට දින 14 ක කාලයක් ලබා දීමටයි පියවර ගෙන ඇත්තේ.

මාලන් සැමුවෙල්ස් 2000 වසරේ සිට 2018 වසර දක්වා ජාත්‍යන්තර පිටියේ රැදී සිටි අතර, එහිදී ඔහු ටෙස්ට් තරග 71කට, එක්දින තරග 207කට හා 20යි 20 තරග 67කට ක්‍රීඩා කළා.

ජාත්‍යන්තර පිටියේ දී ලකුණු 11,134ක් ලබා ඇති සැමුවෙල්ස් බිද හෙලා ඇති කඩුලු ගණන 152ක්.

2012 සහ 2016 පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලි ද්විත්වයේම අවසන් තරගයේ වීරයා සම්මානයෙන් ද ඔහු පිදුම් ලැබුවා.

අයි.සී.සීය ගොණු කර ඇති චෝදනා –

A breach of Article 2.4.2 – Failing to disclose to the Designated Anti-Corruption Official, the receipt of any gift, payment, hospitality or other benefit that was made or given in circumstances that could bring the Participant or the sport of cricket into disrepute.

A breach of Article 2.4.3 – Failing to disclose to the Designated Anti-Corruption Official receipt of hospitality with a value of US $750 or more.

Breaches of Article 2.4.6 – Failing to cooperate with the Designated Anti-Corruption Official’s investigation.

Breaches of Article 2.4.7 – Obstructing or delaying the Designated Anti-Corruption Official’s investigation by concealing information that may have been relevant to the investigation.

Leave a comment