Ultimate magazine theme for WordPress.

මානසිකව ඇදදමමින් බෙයාර්ස්ටොව් දවා ගැනීමට දික්වැල්ල දායක වූ හැටි

නිරෝෂන් දික්වැල්ල යනු මේ වන විට පුවත් මවන ක්‍රීඩකයෙකු බවට පත්ව අවසන්.

පිතිකරණයෙන් පමණක් නොව කඩුල්ල පිටුපස සිට හඩ නගමින් ඔහු පවසන දේ තුළින් බොහා් දෙනෙකුගේ අවධානය ඔහු වෙත යොමුව තිබෙනවා.

එවැනි සුවිශේෂී අවස්ථාවක් ඊයේ දිනයේ දී ද සිදු වූ අතර, අද පෙරවරුවේ දී ද එවැනි සිදුවීමක් දැක ගත හැකි වුණා.

ඒ, එංගලන්තයට එරෙහි දෙවන ටෙස්ට් තරගයේ තෙවන දිනයේ දී යි.

එහිදී පන්දුවට පහර දෙමින් සිටි ජොනී බෙයාර්ස්ටොව්ට දික්වැල්ල විසින් විවිධ දෑ සදහන් කරමින් ඔහුව මානසිකව ඇදදැමීමට උත්සාහ දරන බවක් දක්නට ලැබුණා.

මෙවැනි සිදුවීම් ක්‍රිකට් පිටියේ සාමාන්‍යයෙන් සිදු වන බව නොරහසක්.

අද දිනයේ දී නිරෝෂන් දික්වැල්ල විසින් ඔහුට පවසනු ලැබුවේ එළඹෙන ඉන්දීය තරග සංචාරයේ පළමු තරග දෙකෙන් ජොනී බෙයාර්ස්ටොව් විවේක ගැන්වීමට ගෙන ඇති තීරණය සම්බන්ධයෙනුයි.

“ඊට හේතුව කුමක්ද? ඔහු නායකයාගෙන් පසුව කණ්ඩායමේ දක්ෂම ක්‍රීඩකයාය.” වැනි වදන් රැසක් දික්වැල්ල විසින් දිගින් දිගටම කඩුල්ල පිටුපස සිට පවසනු දැක ගත හැකි වුණා.

විශේෂත්වය වූයේ එම ප්‍රකාශයන් සිදු කරන අතරවාරයේ දී ම ලසිත් ඇඹුල්දෙණිය යවනු ලැබූ පන්දුවක් හමුවේ බෙයාර්ස්ටොව් දැවී යාමයි.

දර්ශන පහතින් –

Leave a comment