Ultimate magazine theme for WordPress.

මාධ්‍ය වාර්තා සනත් ප්‍රතික්ෂේප කරයි

තමා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිළවරණය සදහා තරග වදින බවට පල වන වාර්තා අසත්‍ය බව හිටපු ක්‍රිකට් නායක සහ හිටපු තේරීම් කමිටු සභාපති සනත් ජයසූරිය මහතා පවසනවා.

සිය සමාජජාලා ගිණුම් වෙත සටහනක් තබමින් ඔහු මේ බව කියා සිටියා.

වත්මන් සභාපති ශම්මි සිල්වා සහ හිටපු උප සභාපති කේ. මතිවානන් යන මහත්වරුන් සමග සනත් ජයසූරිය ද සභාපතිධූරය සදහා තරග වදින බවටයි මාධ්‍ය වාර්තා පලව තිබුණේ.

මීට පෙර ඔහුට එරෙහිව ජගත් ක්‍රිකට් කවුන්සලය විසින් වසර දෙකක ක්‍රිකට් තහනමක් පනවා තිබූ නමුත්, පසුගිය වසරේ දී එම තහනම අවසන් වුණා.

Leave a comment