Ultimate magazine theme for WordPress.

මහීෂ් තීක්ෂන කෝටි 7කට අලෙවි වෙයි

දකුණු අප්‍රිකාවේ පැවැත්වීමට නියමිත නවතම පන්දුවාර විස්සයි විස්ස ලීග් ක්‍රිකට් තරගාවලිය සඳහා ක්‍රීඩා කරන ජොහැනස්බර්ග් සුපර් කිංග්ස් කණ්ඩායම විසින් සිය කණ්ඩායම සමග සෘජුව ගිවිසුම් ගත වූ ක්‍රීඩකයන් පස් දෙනාගේ නම් ප්‍රකාශයට පත්කර තිබෙනවා.

ඒ අනුව දකුණු අප්‍රිකානු හිටපු නායක  ෆෆ් ඩු ප්ලෙසිස් විසින් එම කණ්ඩායමේ නායකත්වය දැරීමට නියමිතයි.

ඔහු සමග සුපර් කිංග්ස් කණ්ඩායම ගිවිසුම් ගත වී ඇත්තේ ඇමෙරිකානු ඩොලර් 375,000 ක මුදලකටයි.

ජොහැනස්බර්ග් කණ්ඩායමේ හිමිකාරීත්වය දරනු ලබන්නේ ද ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට ක්‍රීඩා කරන චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමේ හිමිකරුවන් විසින්.

ඩු ප්ලෙසිස් චෙන්නායි කණ්ඩායම ද නියෝජනය කරමින් තරග සියයකට ක්‍රීඩා කර තිබෙනවා.

ඔහුට අමතරව චෙන්නායි කණ්ඩායම සමග 2021 වසරේදී එක්වූ එංගලන්තයේ මොයීන් අලී ද ඇමරිකානු ඩොලර් 400,000 ක මුදලකට ජොහැනස්බර්ග් කණ්ඩායම සමග ගිවිසුම්ගත වී තිබෙනවා.

මේ අතර, චෙන්නායි සුපර් කිංග්ස් නියෝජනය කරන ශ්‍රී ලංකා දග පන්දු යවන ක්‍රීඩක මහීෂ් තීක්ෂන ද ජොහැනස්බර්ග් සුපර් කිංග්ස් කණ්ඩායම සමග ගිවිසුම්ගත වී තිබෙනවා.

ඒ, ඇමරිකානු ඩොලර් 200,000 ක මුදලකටයි. (රුපියල් කෝටි 7ක් පමණ)

බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩක රොමාරියෝ ෂෙපර්ඩ් හා දකුණු අප්‍රිකාවේ Gerald Coetzee ද ජොහැනස්බර්ග් සුපර් කිංග්ස් කණ්ඩායම සමග ගිවිසුම්ගත වී තිබෙනවා.

ජනවාරි මාසයේදී පැවැත්වීමට නියමිත මෙම නවතම 20යි 20 ලීග් තරගාවලියේ පළමු අදියර සඳහා වන ක්‍රීඩක වෙන්දේසිය සැප්තැම්බර් 20 වැනිදා පැවැත්වීමට නියමිතයි.

Leave a comment