Ultimate magazine theme for WordPress.

මහ්මුදුල්ලාහ් සහ මුස්ටෆිසුර් ශ්‍රී ලංකාවට එරෙහිව කැදවයි

ශ්‍රී ලංකාව සමග පැවැත්වීමට නියමිත තරග 3කින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය සදහා වන බංග්ලාදේශ මූලික සංචිතයක් නම් කර තිබෙනවා.

මොමිනුල් හක්ගේ නායකත්වයෙන් යුත් සංචිතයට ක්‍රීඩකයින් 27 දෙනෙකු ඇතුළත්.

ඊට මහ්මුදුල්ලාහ් නම් කර තිබීම විශේෂත්වයක්.

එරට ටෙස්ට් ක්‍රීඩක කොන්ත්‍රාත් ලැයිස්තුවට ද ඔහු ඇතුළත්ව නොමැති පසුබිමකයි මෙම නම් කිරීම සිදු කර ඇත්තේ.

ටෙස්ට් කොන්ත්‍රාත් හිමි නොවූ මුස්ටෆිසුර් රෙහ්මාන් ද මෙම සංචිතයට නම් කර තිබෙනවා.

සංචිතයට වේග පන්දු යවන්නන් 9 දෙනෙකු සහ දග පන්දු යවන්නන් සිව් දෙනෙකු ඇතුළත්.

මෙම ක්‍රීඩකයින් 27 දෙනාගේ සංචිතය ක්‍රීඩකයින් 20 දෙනෙකු දක්වා අඩු කිරීමට නියමිතයි.

කෙසේ වෙතත්, ශ්‍රී ලංකා තරග සංචාරය සදහා ක්‍රීඩකයින්ට වීසා ලබා ගැනීමට මෙතෙක් එරට රජයේ අවසරය හිමිව නැහැ.

බංග්ලාදේශ කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය පසුගිය ජූලි – අගෝස්තු මාසවලදී පැවැත්වීමට නියමිතව තිබූ නමුත් කොරෝනා වසංගතය හේතුවෙන් එය කල් දැමුණා.

ඒ අනුව ලබන 27 වනදා බංග්ලාදේශ කණ්ඩායම දිවයිනට පැමිණිමට සැලසුම් කර ඇති අතර, පළමු ටෙස්ට් තරගය ඔක්තෝම්බර් 24 වනදා මහනුවර දී ආරම්භ වීමට නියමිතව ඇති බව සදහන්.

Bangladesh preliminary squad:

Mominul Haque (captain), Tamim Iqbal, Sadman Islam, Saif Hassan, Imrul Kayes, Soumya Sarkar, Mushfiqur Rahim, Mohammad Mithun, Liton Das, Nazmul Hasan Shanto, Mossadek Hossain, Mahmudullah, Yasir Ali, Nurul Hasan, Mehedy Hasan Miraj, Taijul Islam, Sanjamul Islam, Naeem Hasan, Mustafizur Rahman, Rubel Hossain, Shafiul Islam, Taskin Ahmed, Al Amin Hossain, Saifuddin, Ebadat Hossain, Abu Jayed, Hasan Mahmud

 

Leave a comment