Ultimate magazine theme for WordPress.

මහ්මුදුල්ලාහ්ට ශ්‍රී ලංකා තරගාවලියත් අහිමි වෙයි

බංග්ලාදේශ කණ්ඩායමේ එළඹෙන ශ්‍රී ලංකා ටෙස්ට් තරග සංචාරය සදහා ද මහ්මුදුල්ලාහ් රියාද් ක්‍රීඩා නොකරන බව එරට මාධ්‍ය වාර්තා කරනවා.

මෑත කාලීනව ඔහුව ටෙස්ට් තරග සදහා සලකා බැලීමක් සිදු නොකළ ද, නිමා වූ කොදෙව් ටෙස්ට් තරගාවලිය බංග්ලාදේශ කණ්ඩායම පරාජයට පත්වීම හේතුවෙන් මහ්මුදුල්ලාහ්ට යළි ටෙස්ට් තරග සදහා ක්‍රීඩා කිරීමට අවස්ථාව ලබා දීම පිළිබද එරට තේරීම් කමිටුවේ අවධානය යොමු වුණා.

කෙසේ වෙතත්, ආබාධයකට ගොදුරුව සිටීම හේතුවෙන් 35 හැවිරිදි ඔහුට ශ්‍රී ලංකා තරග සංචාරය ක්‍රීඩා කිරීමට නොහැකි වන බව සදහන්.

නවසීලන්තය සමග පැවැති අවසන් පන්දුවාර 20යි 20 තරගය සදහා ද මහ්මුදුල්ලාහ්ට ක්‍රීඩා කිරීමට නොහැකි වූයේ මෙම ආබාධය හේතුවෙන්.

එම ආබාධය මෙතෙක් සුව අතට පත්ව නොමැති බවත්, ඒ සදහා තවත් දින 10ක පමණ කාලයක් ගත වනු ඇති බවත් සදහන්.

Leave a comment