Ultimate magazine theme for WordPress.

මහනුවර සිව්දින ශූරතාවයට ළං වෙයි

Day 3 Report

මහනුවර හා යාපනය කණ්ඩායම් අතර පැවැත්වෙන ජාතික සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ තෙවැනි දිනය අද(9) නිමා වුණේ තරගයේ වැඩි වාසි මහනුවර කණ්ඩායමට හිමි කර දෙමින්.

දිනය නිමා වන විට සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කරමින් සිටි මහනුවර කණ්ඩායම එක් කඩුල්ලක් දැවී ලකුණු 52ක් ලබා සිටියා.

ගාල්ලේ පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය දිනා පළමුුව පන්දුවට පහරදුන් මහනුවර කණ්ඩායම සිය පළමු ඉනිමට ලබා ගත් ලකුණු සංඛ්‍යාව 444 ක්.

ඕෂද ප්‍රනාන්දු ලකුණු 109ක් ද, කමිදු මෙන්ඩිස් ලකුණු 87ක් ද, කසුන් විදුර ලකුණු 71ක් ද ලබා ගනිමින් ඉනිම ශක්තිමත් කළා.

පන්දු යැවීමේ දී දිලුම් සුදීර කඩුලු 4ක් දවා ගත්තා. ධනංජය ද සිල්වා බිද හෙලූ කඩුලු ගණන 3ක්.

පිළිතුරු ලෙස යාපනය පිල පළමු ඉනිමට ලබා ගත්තේ ලකුණු 227 ක් පමණයි. නිශාන් මදුෂ්ක ලකුණු 57යි.

පන්දු යැවීමේ දී ලසිත් ඇඹුල්දෙණිය කඩුලු 4ක් ද, අශේන් ඩැනියල් කඩුලු 3ක් ද බිද හෙලුවා.

ඒ අනුව මහනුවර කණ්ඩායම මේ වන විට ඉදිරියෙන් පසුවන ලකුණු සංඛ්‍යාව 269ක්.

Leave a comment