Ultimate magazine theme for WordPress.

මයිකල් හෝල්ඩින් විශ්‍රාම ගනියි

බටහිර ඉන්දීය කොදෙව් හිටපු ක්‍රිකට් ක්‍රීඩකයෙකු මෙන්ම ප්‍රවීන ජාත්‍යන්තර විස්තර විචාරකයෙකු වන මයිකල් හෝල්ඩින් විස්තර විචාරක දිවියට සමු දීමට තීරණය කර තිබෙනවා.

ඔහු වසර 20කටත් වැඩි කාලයක් Sky Sports මාධ්‍ය ආයතනයේ විස්තර විචාරකයෙකු ලෙස කටයුතු කළා.

67 හැවිරිදි මයිකල් හෝල්ඩින් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමු දුන්නේ 1987 වසරේ දී යි.

ඔහු කොදෙව් දේශය වෙනුවෙන් ටෙස්ට් තරග 60කට හා එක්දින තරග 102කට ක්‍රීඩා කළ අතර, ජාත්‍යන්තර තරගවලදී බිද හෙලා ඇති කඩුලු සංඛ්‍යාව 391ක්.

Leave a comment