Ultimate magazine theme for WordPress.

“මම ගොඩක් ආසාවෙන් හිටියෙ එයාගෙ විකට් එක ගන්න” : ප්‍රවීන් ජයවික්‍රම

ටමිම් ඉක්බාල්ගේ කඩුල්ල දවා ගැනීම සදහා තමා තුළ දැඩි අවශ්‍යතාවයක් පැවැති බව ශ්‍රී ලංකා නවක දග පන්දු යවන ක්‍රීඩක ප්‍රවීන් ජයවික්‍රම පවසනවා.

බංග්ලාදේශය සමග පල්ලේකැලේ ක්‍රීඩාංගයේ පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවැනි දිනය අවසානයේ පැවැති මාධ්‍ය හමුවේ දී අදහස් දක්වමින් ඔහු ඒ බව සදහන් කළා.

මෙම තරගයේ බංග්ලාදේශ පළමු ඉනිමේ දී ප්‍රවීන් කඩුලු 6ක් දවා ගැනීමට සමත් වුණේ ලකුණු 92ක් පමණක් ලබා දෙමින්.

එය ශ්‍රී ලංකා පන්දු යවන්නෙකු ටෙස්ට් වරම් දිනා ගත් තරගයේ ඉනිමකදී වාර්තා කළ හොදම පන්දු යැවීමයි.

“මම මේ තරගයේ දී හිතුවේ නිලකුණු පන්දු යවමින් කොහොමද එයාලට පීඩනයක් එල්ල කරන්නේ කියලා. ඉතිං මට පුලුවන් වුණා කොහොමහරි කඩුලු 6ක් ගන්න. ගොඩක් සතුටුයි වාර්තාවකට යන්න පුලුවන් විම ගැන” යනුවෙන් ප්‍රවීන් ජයවික්‍රම සදහන් කළා.

“මම ගොඩක් ආසාවෙන් හිටියෙ එයාගෙ (ටමිම් ඉක්බාල්) විකට් එක ගන්න. ඉතිං ගොඩක සතුටුයි ඒක ගත්ත එක ගැන. ඒ වගේම මුෂ්ෆිකර් රහීම්ගෙ. ඒ කඩුලු දෙකට ගොඩක් කැමතියි”

සිය ක්‍රිකට් දිවියේ මෙතෙක් ආ ගමන් මග පිළිබදව මෙන්ම පුහුණුවීම්වල වැදගත්කම සම්බන්ධයෙන් ද ප්‍රවීන් මෙහිදී අදහස් පල කර සිටියා.

Leave a comment