Ultimate magazine theme for WordPress.

මදුෂංකගෙන් සුපිරි පන්දු යැවීමක් ; ස්ටබ්ස් හා කොට්සි දකුණු අප්‍රිකා ගෞරවය රැක දෙයි

සංචාරක දකුණු අප්‍රිකා A කණ්ඩායම හා ශ්‍රී ලංකා A කණ්ඩායම අතර පැවැත්වෙන දෙවැනි එක්දින ක්‍රිකට් තරගය මේ වන විට මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගනයේ දී පැවැත්වෙනවා.

තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකා A කණ්ඩායම පන්දුවාර 43.2 ක් අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 175 ක් ලබා ගත්තා. ඒ, ඉනිමේ 7 වැනි කඩුල්ල ලකුණු 42 දී බිද වැටුණු පසුබිමකයි.

Jordan Hermann එක් ලකුණකටත්, Matthew Breetzke ලකුණු 14 කටත්, Zubayr Hamza ලකුණු 2කටත්, Kyle Verreynne ලකුණු නොලබා සිටියදීත් දවා ගැනීමට ඩිල්ෂාන් මදුෂංක සමත් වුණා.

නායක Tony de Zorzi ලකුණු 4 කට හා Dewald Brevis ලකුණු දෙකකට දැවී ගියේ ජනිත් ලියනගේගේ පන්දු හමුවේයි.Beyers Swanepoel ලකුණු 7කට දවා ගැනීමට ප්‍රමෝද් මදුෂාන් සමත් වුණා.

අනතුරුව 8 වැනි කඩුල්ල සදහා ලකුණු 111 ක සම්බන්ධතාවයක් පිහිටුවීමට Tristan Stubbs හා Gerald Coetzee සමත් වුණා. Stubbs පන්දු 88 කින් ලකුණු 59 ක් රැස් කළේ හයේ පහර 3 ක් හා හතරේ පහරක් සමගින්. Coetzee පන්දු 89 කින් ලකුණු 77 ක් ලබා ගත්තා. හයේ පහර 2ක් හා හතරේ පහර 6 ක් Coetzee ගේ ඉනිමට ඇතුළත්.

පන්දු යැවීමේ දී ඩිල්ෂාන් මදුෂංක ලකුණු 33 කට කඩුලු 4 ක් දවා ගත් අතර, ජනිත් ලියනගේ ලකුණු 32 කට කඩුලු 2 ක් ද, සහන් ආරච්චිගේ ලකුණු 18 කට කඩුලු 2 ක් ද බිද හෙලුවා. ප්‍රමෝද් මදුෂාන් හා දුනිත් වෙල්ලාලගේ කඩුල්ල බැගින් දවා ගත්තා.

Leave a comment