Ultimate magazine theme for WordPress.

මතීෂ, භානුක ඔස්ට්‍රේලියාවට එරෙහිව කැදවයි ; කුසල් ජනිත් තවදුරටත් ජාත්‍යන්තර පිටියෙන් ඉවතට

ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ එළඹෙන ශ්‍රී ලංකා තරග සංචාරය සදහා මුහුණ දීමේ අරමුණින් මූලික ශ්‍රී ලංකා සංචිත 3ක් ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව විසින් නම් කර තිබෙනවා.

දිමුත් කරුණාරත්නගේ නායකත්වයෙන් යුත් ටෙස්ට් සංචිතයට ක්‍රීඩකයින් 24 දෙනෙකු ඇතුළත්.

දසුන් ශානක නායකත්වය දරන එක්දින හා 20යි 20 සංචිත සදහා ක්‍රීඩකයින් 26 දෙනෙකු බැගින් නම් කර තිබෙනවා.

ආබාධයක් හේතුවෙන් පසුගිය කාලයේ පැවැති ජාත්‍යන්තර තරග රැසක් ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වූ ආරම්භක පිතිකරු කුසල් ජනිත් පෙරේරා මෙම සංචිත සදහා ද ඇතුළත් කර නැහැ.

ශාරීරික යෝග්‍යතාව නිසි පරිදි නොමැති වීම නිසා ජාතික කණ්ඩායමේ ස්ථානය අහිමි වූ භානුක රාජපක්ෂ එක්දින හා 20යි 20 මූලික සංචිත සදහා නම් කිරීමටයි තේරීම් කමිටුව පියවර ගෙන ඇත්තේ.

20යි 20 මූලික සංචිතය සදහා යොවුන් වේග පන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණ ද නම් කර තිබෙනවා.

ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායමේ නායකයා වූ දුනිත් වෙල්ලාලගේ ද එක්දින හා 20යි 20 සංචිත සදහා නම් කර තිබීම විශේෂත්වයක්.

දිනේෂ් චන්දිමාල් 20යි 20 සංචිතයෙන් ඉවත් කර තිබෙනවා.

ජූනි හා ජූලි මාසවලදී සති 7ක පමණ කාලයක් සිදු කරන මෙම තරග සංචාරයේ දී ඔස්ට්‍රේලියානු කණ්ඩායම ශ්‍රී ලංකාවට එරෙහිව 20යි 20 තරග 3ක්, එක්දින තරග 5ක් හා ටෙස්ට් තරග දෙකක් ක්‍රීඩා කිරීමට නියමිතයි.

තරග සංචාරයට අයත් සීමිත පන්දුවාර තරගාවලි කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දී හා මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට නියමිතව තිබෙනවා.

ලෝක ටෙස්ට් ශූරතාවලියට අයත් ටෙස්ට් තරගාවලිය පැවැත්වෙන්නේ ගාල්ල ක්‍රීඩාංගනයේ දී යි.

20යි 20 තරගාවලිය ජූනි 7 වැනිදා ද, එක්දින තරගාවලිය ජූනි 14 වැනිදා ද, ටෙස්ට් තරගාවලිය ජූනි 29 වැනිදා ද ආරම්භ වීමට නියමිතයි.

Provisional Test Squad :
01) Dimuth Karunaratne – Captain
02) Pathum Nissanka
03) Kamil Mishara
04) Oshada Fernando
05) Kusal Mendis
06) Angelo Mathews
07) Dhananjaya De Silva
08) Kamindu Mendis
09) Niroshan Dickwella
10) Dinesh Chandimal
11) Chamika Karunaratne
12) Ramesh Mendis
13) Mohamed Shiraz
14) Shiran Fernando
15) Dilshan Madushanka
16) Lahiru Kumara
17) Kasun Rajitha
18) Vishwa Fernando
19) Asitha Fernando
20) Jeffrey Vandersay
21) Lakshitha Rasanjana
22) Praveen Jayawickrama
23) Lasith Embuldeniya
24) Suminda Lakshan

Provisional ODI Squad :

01) Danushka Gunathilaka
02) Pathum Nissanka
03) Kusal Mendis
04) Charith Asalanka
05) Bhanuka Rajapaksa
06) Dhananjaya De Silva
07) Dasun Shanaka – Captain
08) Ashen Bandara
09) Dinesh Chandimal
10) Niroshan Dickwella
11) Janith Liyanage
12) Dunith Wellalage
13) Dhananjaya Lakshan
14) Sahan Arachchi
15) Wanindu Hasaranga
16) Chamika Karunaratne
17) Lahiru Madushanka
18) Ramesh Mendis
19) Dushmantha Chameera
20) Binura Fernando
21) Dilshan Madushanka
22) Lahiru Kumara
23) Kasun Rajitha
24) Jeffrey Vandersay
25) Maheesh Theekshana
26) Praveen Jayawickrama

Provisional T20 Squad :

01) Danushka Guanathilaka
02) Pathum Nissanka
03) Kusal Mendis
04) Charith Asalanka
05) Bhanuka Rajapaksa
06) Dasun Shanaka – Captain
07) Ashen Bandara
08) Niroshan Dickwella
09) Dunith Wellalage
10) Dhananjaya Lakshan
11) Sahan Aarachchi
12) Wanindu Hasaranga
13) Chamika Karunaratne
14) Lahiru Madushanka
15) Ramesh Mendis
16) Dushmantha Chameera
17) Binura Fernando
18) Matheesha Pathirana
19) Nuwan Thushara
20) Kasun Rajitha
21) Nipun Malinga
22) Lahiru Kumara
23) Jeffrey Vandersay
24) Maheesh Theekshana
25) Praveen Jayawickrama
26) Lakshan Sandakan

Leave a comment