Ultimate magazine theme for WordPress.

“මගේ දක්ෂතා ඔප්පු කරන්න මේක හොද වේදිකාවක්” ධම්මික ප්‍රසාද්

සිය දක්ෂතා ප්‍රදර්ශනය කිරීම සදහා ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය තමාට ලද මනා අවස්ථාවක් ලෙස සලකන බව කලම්බු කිංග්ස් කණ්ඩයමේ වේග පන්දු යවන ක්‍රීඩක ධම්මික ප්‍රසාද් පවසනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් මාධ්‍ය අංශය වෙත අදහස් දක්වමින් ඔහු ඒ බව සදහන් කළා.

ආබාධයකට ලක්වීමෙන් පසුව වසර 3ක් පමණ තමාට ජාත්‍යන්තර තරග ක්‍රීඩා කිරීමට නොහැකි වූ බව ධම්මික ප්‍රසාද් මෙහිදී සිහිපත් කර සිටියා.  (ධම්මික ප්‍රසාද් පල කළ අදහස් නැරඹීම සදහා මෙතන ක්ලික් කරන්න)

එබැවින් සිය දක්ෂතා ලොව හමුවේ පෙන්වීමට මෙම තරගාවලිය ඉතා හොද වේදිකාවක් වනු ඇති බවයි ඔහු විශ්වාසය පල කරන්නේ.

Leave a comment