Ultimate magazine theme for WordPress.

“භානුක අහිමි වීම ලොකු පාඩුවක්” : දුෂ්මන්ත චමීර තරගයෙන් පසු කියූ දේ

ශ්‍රී ලංකා මුල් පෙල පිතිකරු භානුක රාජපක්ෂගේ සේවය කණ්ඩායමට අහිමි වීම කණ්ඩායමට විශාල බලපෑමක් එල්ල කරන බව ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීර පවසනවා.

ඉන්දියාවට එරෙහි පළමු පන්දුවාර 20යි 20 තරගයෙන් ලකුණු 38ක පරාජයක් ලැබීමෙන් පසුව පැවැති මාධ්‍ය හමුවේ දී අදහස් දක්වමින් ඔහු ඒ බව සදහන් කළා.

භානුක කණ්ඩායමේ රැදී සිටින්නේනම් කණ්ඩායමට ලකුණු ලබා ගැනීමේ වේගය අවශ්‍ය සීමාවේ පවත්වා ගෙන යා හැකි බව දුෂ්මන්ත පෙන්වා දුන්නා.

භානුකට සුවය ලැබීම සදහා කොරතම් කාලයක් ගත් වේදැයි නිශ්චිතව පැවසිය නොහැකි බවයි දුෂ්මන්ත චමීර කියා සිටියේ.

තරගය පරාජයට පත් වීමට ශ්‍රී ලංකා ඉනිමේ මැද පන්දුවාර තුළ දී අවශ්‍ය ලකුණු ප්‍රමාණය ලබා ගැනීමට නොහැකි වීම බලපෑ බව ද ඔහු සදහන් කළා.

මේ අතර, ශ්‍රී ලංකා මුල් පෙල පිතිකරුවෙකු වන පැතුම් නිස්සංක ද ආබාධයකට ලක්ව තිබෙනවා.

Leave a comment