Ultimate magazine theme for WordPress.

බෙයාර්ස්ටව්ගේ දැවීයාම විනය විරෝධීව සැමරූ වේග පන්දු යවන්නාට දඩුවම්

අයර්ලන්ත කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක ජොෂ් ලිට්ල්ට දඩුවම් පැනවීමට ජගත් ක්‍රිකට් කවුන්සලය තීරණය කර තිබෙනවා.

ඒ, ඔහු එංගලන්තයට එරෙහි දෙවැනි එක්දින තරගයේ දී අයි.සී.සී විනය නීති සංග්‍රහයේ 2.5 වගන්තිය උල්ලංඝනය කිරීම හේතුවෙන්.

ඒ අනුව ඔහුට දඩුවම් ලකුණක් ද ඔහුගේ විනය වාර්තාවට ඇතුළත් කිරීමට ජගත් ක්‍රිකට් කවුන්සලය කටයුතු කර ඇති බව සදහන්.

එංගලන්ත ඉනිමේ 16 වැනි පන්දුවාරයේ දී ජොනී බෙයාර්ස්ටව් දැවී යාමෙන් පසුව නුසුදුසු භාෂාව යොදා ගනිමින් විනය විරෝධී ලෙස හැසිරුණු බවට ජොෂ් ලිට්ල්ට චෝදනා එල්ල වුණා.

එම වරද සහ තරග තීරකවරයා විසින් පනවනු ලැබූ දඩුවම ඔහු විසින් පිළිගත් බවයි ජගත් ක්‍රිකට් කවුන්සලය නිවේදනය කළේ.

Leave a comment