Ultimate magazine theme for WordPress.

බෙන් ස්ටොක්ස් IPL තරගාවලියෙන් ඉවතට

රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක බෙන් ස්ටොක්ස්ට මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ඉතිරි තරග ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වී තිබෙනවා.

ඒ, ඔහුගේ අතක ඇගිල්ලක් ආබාධයකට ලක්වීම හේතුවෙන්.

පංජාබ් කිංග්ස් කණ්ඩායමට එරෙහිව පසුගියදා පැවැති තරගයේ දී ක්‍රිස් ගේල් දවා ගැනීම සදහා ඔහු උඩ පන්දුවක් රැක ගත් අතර, එම අවස්ථාවේ දී බෙන් ස්ටොක්ස්ගේ වම් අතෙහි ඇගිල්ලක් මෙලෙස ආබාධයට ලක්ව ඇති බව සදහන්.

ආබාධයකට ලක්වීම හේතුවෙන් රාජස්ථාන් කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක ජොෆ්ර ආචර්ට ද මෙවර තරගාවලිය සදහා මෙතෙක් එක් වීමට නොහැකි වී ඇති තත්ත්වයක් මතයි බෙන් ස්ටොක්ස් ද මේ වන විට ආබාධයකට ලක්ව ඇත්තේ.

ස්ටොක්ස් වෙනුවට කණ්ඩායමට ආදේශ කිරීම සදහා රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම සතුව මේ වන විට ඩේවිඩ් මිලර් සහ ලියම් ලිවින්ග්ස්ටෝන් වැනි විදෙස් ක්‍රීඩකයින් පසුවන අතර, ඉදිරියේ දී වෙනත් විදෙස් ක්‍රීඩකයෙකු ද සංචිතයට ආදේශ කිරීමට පියවර ගනු ඇති.

රාජස්ථාන් කණ්ඩායමේ ක්‍රිකට් අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කරන්නේ ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක කුමාර් සංගක්කාරයි.

Leave a comment