Ultimate magazine theme for WordPress.

බෙන් ස්ටොක්ස් නොමැතිව එංගලන්තය අලුබදුන සංචිතය නම් කරයි

ඔස්ට්‍රේලයාව සමග පැවැත්වීමට නියමිත එළඹෙන අලුබදුන ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය සදහා වන එංගලන්ත සංචිතය අද(10) එරට ක්‍රිකට් ආයතනය විසින් ප්‍රකාශයට පත් කළා.

පුහුණුකරු ක්‍රිස් සිල්වර්වුඩ් විසින් ක්‍රීඩකයින් 17 දෙනෙකුගෙන් යුත් සංචිතයක් මෙලෙස නම් කර ඇති බවයි එංගලන්ත ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ.

උප නායක ජොස් බට්ලර් ඇතුළු ක්‍රීඩකයින් 10 දෙනෙකු අලුබදුන තරගාවලියක් සදහා ඔස්ට්‍රේලියානු සංචාරයක නිරත වන්නේ පළමු වරට වීම විශේෂත්වයක්.

ආබාධයකට ලක්ව සිටින සෑම් කරන් මෙම තරගාවලිය සදහා වන තේරීම්වලට සලකා බලා නැහැ.

වම් අතෙහි ඇගිල්ලක ඇතිව තිබෙන ආබාධය සම්පූර්ණයෙන් සුව කර ගැනීම වෙනුවෙන් පුනරුත්තාපන කටයුතුවල නිරත වෙමින් සිටින තුන් ඉරියව් ක්‍රීඩක බෙන් ස්ටොක්ස් ද සංචිතයට නම් කර නැහැ.

ආබාධ හේතුවෙන් ජොෆ්ර ආචර් හා ඔලී ස්ටෝන්ට ද මෙවර අලුබදුන තරගාවලිය අහිමි වී තිබෙනවා.

මෙවර අලුබදුන තරගාවලිය පැවැත්වීම සම්බන්ධයෙන් බරපතල ගැටලු හට ගැණුනේ ඔස්ට්‍රේලියාව් පවතින කොවිඩ් 19 නීති රීති නිසා එංගලන්ත ක්‍රීඩකයින් රැසක් සංචාරයට අකමැත්ත පල කිරීම හේතුවෙන්.

කෙසේ වෙතත්, පසුගිය 8 වැනිදා එංගලන්ත ක්‍රිකට් ආයතනය විසින් අලුබදුන තරගාවලිය නියමිත පරිදි පැවැත්වීමට කැමැත්ත පල කර සිටියේ කොන්දේසි කිහිපයකට යටත්වයි.

ඒ අනුව එංගලන්ත ක්‍රිකට් ආයතනය විසින් සිය ගැටලු විසදා ගැනීම සදහා ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනයෙන් යහපත් ප්‍රතිචාරයක් අපේක්ෂා කරන බව ද එරට ක්‍රිකට් ආයතනය සදහන් කර තිබුණා.

දෙසැම්බර් 8 වනදා ආරම්භ වන අලුබදුන තරගාවලිය සදහා ක්‍රීඩා කිරීම වෙනුවෙන් එංගලන්ත ක්‍රීඩකයින් නොවැම්බර් 4 වනදා එංගලන්තයෙන් පිටත්ව යාමට නියමිතයි.

එංගලන්ත සංචිතය :

  • Joe Root (C), James Anderson, Jonathan Bairstow, Dom Bess, Stuart Broad, Rory Burns, Jos Buttler, Zak Crawley, Haseeb Hameed, Dan Lawrence, Jack Leach, Dawid Malan, Craig Overton, Ollie Pope, Ollie Robinson, Chris Woakes, Mark Wood

තරග කාලසටහන :

  • 8-12 December: 1st Test, Australia v England, Gabba, Brisbane
  • 16-20 December: 2nd Test, Australia v England (D/N), Adelaide Oval, Adelaide
  • 26-30 December: 3rd Test, Australia v England, MCG, Melbourne
  • 5-9 January: 4th Test, Australia v England, SCG, Sydney
  • 14-18 January: 5th Test, Australia v England, Optus Stadium, Perth
Leave a comment