Ultimate magazine theme for WordPress.

බුම්රා සංචිතයෙන් නිදහස් කෙරේ

එංගලන්තය සමග පැවැත්වීමට නියමිත සිව්වන හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය ක්‍රීඩා කිරීමේ අවස්ථාව ඉන්දීය වේග පන්දු යවන ක්‍රීඩක ජස්ප්‍රිට් බුම්රාට අහිමි වී තිබෙනවා.

ඒ, පෞද්ගලික හේතුවක් මත ඔහු සංචිතයෙන් ඉවත් වීමට තීරණය කිරීම හේතුවෙන්.

ඒ අනුව බුම්රා කළ ඉල්ලීම ප්‍රකාරව ඔහුව සංචිතයෙන් නිදහස් කළ බවයි ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය නිවේදනය කළේ.

කෙසේ වෙතත්, සිව්වන තරගය සදහා ඉන්දීය සංචිතයට කිසිදු ආදේශ කිරීමක් සිදු නොකරන බව සදහන්.

දෙරට අතර පැවැත්වෙන සිව්වන ටෙස්ට් තරගය ලබන 4 වනදා අහ්මදාබාද්හී දී ආරම්භ වීමට නියමිතයි.

සිව්වන තරගය සදහා වන ඉන්දීය සංචිතය :

Virat Kohli (C), Rohit Sharma, Mayank Agarwal, Shubman Gill, Cheteshwar Pujara, Ajinkya Rahane (VC), KL Rahul, Hardik Pandya, Rishabh Pant (WK), Wriddhiman Saha (WK), R Ashwin, Kuldeep Yadav, Axar Patel, Washington Sundar, Ishant Sharma, Md. Siraj, Umesh Yadav

Leave a comment