Ultimate magazine theme for WordPress.

බුබුල කැඩූ ක්‍රීඩකයින්ට එරෙහි තහනම ගැන ක්‍රිකට් ආයතනයෙන් නිවේදනයක්

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ උප නායක කුසල් මෙන්ඩිස්ට, කඩුලු රකින ක්‍රීඩක නිරෝෂන් දික්වැල්ලට සහ ධනුෂ්ක ගුණතිලකට තාවකාලික ක්‍රිකට් තහනමක් පැනවීමට ගත් තීරණය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිල වශයෙන් මේ වන විට නිවේදනයක් නිකුත් කරමින් තහවුරු කර තිබෙනවා.

ඒ, ඔවුන් තිදෙනා එංගලන්ත තරග සංචායේ දී ජෛව ආරක්ෂිත බුබුල උල්ලංඝනය කරමින් කටයුතු කිරීම හේතුවෙන්.

ඒ සම්බන්ධයෙන් සිදු කළ මූලික විමර්ශනවලින් පසුව ක්‍රීඩකයින් තිදෙනා වහාම යළි දිවයිනට ගෙන්වා ගැනීමට තීරණය කළ බව ද ක්‍රිකට් ආයතනය තහවුරු කළා.

ක්‍රිකට් කණ්ඩායමේ කළමණාකරුගෙන් ලැබුණු වාර්තාව සැලකිල්ලට ගනිමින් ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව විසින් මෙම ක්‍රියාමාර්ගය ගෙන තිබෙනවා.

විමර්ශනය අවසන් වන තුරු ක්‍රීඩකයින් තිදෙනාට සම්පූර්ණ ක්‍රිකට් තහනමක් තාවකාලිකව පැනවූ බවයි ක්‍රිකට් ආයතනය නිකුත් කළ නිවේදනයේ සදහන් වන්නේ.

ඔවුන් තිදෙනා ඩර්හැම් නුවර රාත්‍රී කාලයේ දී මාර්ගයක ගමන් කරන ආකාරය ඇතුළත් වීඩියෝවක් සමාජ මාධ්‍ය වෙත මුදා හැර තිබූ අතර, ඉන් අනතුරුවයි ඒ පිළිබද විමර්ශන ආරම්භ කෙරුණේ.

Leave a comment