Ultimate magazine theme for WordPress.

බුකීකරුවන් යළිත් පාකිස්තාන ක්‍රීඩකයින් පසුපස

පාකිස්තාන ක්‍රිකට් ක්‍රීඩකයෙකු තරග පාවාදීම සදහා පෙළඹීවීමට ගත් උත්සාහයක් පිළිබද තොරතුරු අණාවරණය වී තිබෙනවා.

පාකිස්තාන ක්‍රිකට් ආයතනය සදහන් කළේ මේ දිනවල පැවැත්වෙන ජාතික 20යි 20 කුසලාන තරගාවලියේ දී බුකීකරුවෙකු මෙලෙස ක්‍රීඩකයෙකු සම්බන්ධ කර ගැනීමට උත්සාහ දරා ඇති බවයි.

ඒ සම්බන්ධයෙන් අදාළ ක්‍රීඩකයා ක්‍රිකට් බළධාරීන් දැනුවත් කර ඇති අතර, ක්‍රීඩකයා කවුරුන් ද යන්න පාකිස්තාන ක්‍රිකට් ආයතනය විසින් අණාවරණය කර නැහැ.

අනතුරුව එරට ක්‍රිකට් ආයතනයේ දූෂන මර්දන ඒකකය සහ පාකිස්තානයේ ෆෙඩරල් විමර්ශන කාර්යාංශය (Federal Investigating Agency) (FIA) විසින් මේ පිළිබද විමර්ශන ආරම්භ කර තිබෙනවා.

Leave a comment