Ultimate magazine theme for WordPress.

බැලන්ස්, හෝගාර්ඩ්, බ්‍රෙස්නන් ඇතුළු 6 දෙනෙකුට ක්‍රිකට් තහනම් සමග දඩ පනවයි

එංගලන්තයේ යෝක්ෂයර් ප්‍රාන්ත කණ්ඩායමට එරෙහිව එල්ල වූ ජාතිවාදී සහ/හෝ වෙනස්කොට සැලකීමේ හැසිරීම්වලට අදාළ චෝදනා පිළිබද විමර්ශනය කළ ස්වාධීන ක්‍රිකට් විනය කමිටුව විසින් වැරැදිකරුවන් වූවන්ට ලබා දෙන දඩුවම් නිවේදනය කර තිබෙනවා.

ඒ අනුව Gary Ballance, Matthew Hoggard, Tim Bresnan, John Blain, Andrew Gale සහ Richard Pyrah යන අයට එරෙහිව ක්‍රිකට් තහනම් හා දඩ නියම කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

එංගලන්තයට ක්‍රීඩා කර මෑතකදී සිම්බාබ්වේ දේශය වෙනුවෙන් ක්‍රීඩා කිරීමෙන් පසුව ක්‍රිකට් පිටියෙන් සමු ගත් ගැරී බැලන්ස්ට එරෙහිව තරග 6ක තහනමක් හා පවුම් 3,000 ක (රුපියල් ලක්ෂ 11 ක පමණ මුදලක්) දඩයක් පනවා තිබෙනවා. ඔහු යළි එංගලන්ත ක්‍රිකට් පිටියට පිවිසෙන්නේනම් අදාළ තහනම බලපානු ඇති.

ටිම් බ්‍රෙස්නන්ට එරෙහිව තරග 3ක තහනමක් හා පවුම් 4,000 ක දඩයක් නියම කර ඇති අතර, ඇන්ඩෘ බ්ලේන්ට හා මැතිව් හෝගාර්ඩ්ට එරෙහිව පනවා ඇති දඩ මුදල වන්නේ පිළිවෙලින් පවුම් 2,500 ක් හා 4,000 ක්.

පුහුණුකරුවන් වන ඇන්ඩෘ ගේල්ට සති 4ක තහනමක් මෙන්ම පවුම් 6,000 ක දඩයක් ද, රිචර්ඩ් පිරාහ්ට සති දෙකක තහනමක් හා පවුම් 2,500 ක දඩයක් ද නියම කර තිබෙනවා.

මෙම දඩුවම්වලට එරෙහිව අභියානා ඉදිරිපත් කරන්නේනම් ජූනි 9 වැනිදාට පෙර එම අභියාචනා ඉදිරිපත් කළ යුතුයි.

Leave a comment