Ultimate magazine theme for WordPress.

බ්‍රාවෝට දෙවැනි තරගයත් අහිමි වෙයි

චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක ඩ්වේයන් බ්‍රාවෝට මෙවර අයි.පී.එල් තරග වාරය යටතේ චෙන්නායි කණ්ඩායම ක්‍රීඩා කරන මීළග තරගය ද අහිමි වනු ඇති බව කණ්ඩායමේ පුහුණුකරු ස්ටීවන් ෆ්ලෙමින්ග් පවසනවා.

ඒ, ඔහුගේ දණහිසක ඇතිව තිබෙන ආබාධයක් හේතුවෙන්.

ආබාධය නිසා ඔහුට තරගාවලියේ පළමු තරගය ද ඊයේ(19) අහිමි වුණා.

බ්‍රාවෝ වෙනුවට ඊයේ පැවැති තරගය සදහා තුන් ඉරියව් ක්‍රීඩක සෑම් කරන් ක්‍රීඩා කළ අතර, එහිදී ඔහු පන්දු යැවීමෙන් සහ පිතිකරණයෙන් සුවිශේෂී දක්ෂතා දැක් වීමට සමත් වුණා.

ඒ අනුව ඉදිරියේ දී ඩ්වේයන් බ්‍රාවෝ සහ සෑම් කරන් අතර කණ්ඩායමේ අවසන් ක්‍රීඩකයින් 11 දෙනා අතරට පිවිසීම සදහා දැඩි තරගයක් පවතිනු ඇති බවයි ක්‍රීඩා විචාරකයින් පෙන්වා දෙන්නේ.

Leave a comment