Ultimate magazine theme for WordPress.

බ්‍රෝඩ් හා ඇන්ඩර්සන් යළි ටෙස්ට් සංචිතයට කැදවයි

නවසීලන්තය සමඟ පැවැත්වීමට නියමිත තරග තුනකින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරග දෙක සඳහා වන එංගලන්ත සංචිතය අද ප්‍රකාශයට පත් කෙරුණා.

බෙන් ස්ටොක්ස් ටෙස්ට් නායකත්වයට පත් වීමෙන් පසුව එංගලන්තය ක්‍රීඩා කරන පළමු ටෙස්ට් තරගාවලිය මෙය වන අතර, ඔහුගේ නායකත්වයෙන් යුත් සංචිතයට ක්‍රීඩකයින් 13 දෙනෙකු ඇතුළත්.

ටෙස්ට් සංචිතය සඳහා සුපිරි වේග පන්දු යවන ක්‍රීඩකයින් වන ජේම්ස් ඇන්ඩර්සන් හා ස්ටුවට් බ්‍රෝඩ් යළි කැඳවීමටයි එංගලන්ත ක්‍රිකට් තේරීම් කමිටුව පියවර ගෙන ඇත්තේ.

පසුගිය මාර්තු මස පැවති බටහිර ඉන්දීය කොදෙව් ටෙස්ට් තරග සංචාරය සඳහා එම ක්‍රීඩකයින් දෙදෙනා ඇතුළත් කර තිබුණේ නැහැ.

Harry Brook හා Matthew Potts යන ක්‍රීඩකයින් දෙදෙනා පළමු වරට ටෙස්ට් සංචිතයට කැඳවා තිබෙනවා.

ජූනි දෙවැනිදා ලෝඩ්ස් ක්‍රීඩාංගනයේ දී ආරම්භ වන මෙම ටෙස්ට් තරඟාවලිය බ්‍රෙන්ඩන් මැකලම් එරට ටෙස්ට් කණ්ඩායමේ පුහුණුකරු ලෙස පත්කිරීමෙන් අනතුරුව එංගලන්තය ක්‍රීඩා කරන පළමු ටෙස්ට් තරගාවලිය වීම ද විශේෂත්වයක්.

England Men’s Test squad v New Zealand :
Ben Stokes (Durham) captain
James Anderson (Lancashire)
Jonathan Bairstow (Yorkshire)
Stuart Broad (Nottinghamshire)
Harry Brook (Yorkshire)
Zak Crawley (Kent)
Ben Foakes (Surrey)
Jack Leach (Somerset)
Alex Lees (Durham)
Craig Overton (Somerset)
Matthew Potts (Durham)
Ollie Pope (Surrey)
Joe Root (Yorkshire)

Leave a comment