Ultimate magazine theme for WordPress.

බ්‍රෙන්ඩන් කිංග්ගේ ශතකය කොදෙව්වන්ට කඩුලු 7ක ජයක් හිමි කරයි

Match Report

බ්‍රෙන්ඩන් කිංග් වාර්තා කළ ශතකය හේතුවෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍ය කණ්ඩායම සමග පැවැති පළමු එක්දින ක්‍රිකට් තරගයෙන් කඩුලු 7 ක ජයක් වාර්තා කිරීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමත් වුණා.

සාජා හී දී පැවැති තරගය ජය ගැනීම සදහා ලකුණු 203 ක ඉලක්කයක් හඹා ගිය කොදෙව්වන් පන්දුවාර 35.2 ක් අවසානයේ දී කඩුලු 3 ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.

බ්‍රෙන්ඩන් කිංග් පන්දු 112 කින් ලකුණු 112 ක් රැස් කරමින් කොදෙව් ඉනිම ශක්තිමත් කළා. හයේ පහර 4 ක් හා හතරේ පහර 12 ක් ඔහුගේ ඉනිමට ඇතුළත්.

ශමා බෘෘක්ස් ලකුණු 44 ක් ද, ජොන්සන් චාර්ල්ස් ලකුණු 24 ක් ද රැස් කළ අතර, පන්දු යැවීමේ දී අෆ්සාල් ඛාන්, සහූර් ඛාන් හා රෝහන් මුස්තාෆා කඩුල්ල බැගින් බිද හෙලුවා.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් එමීර් කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 202 ක් ලබා ගත්තේ පන්දුවාර 47.1 ක් අවසානයේ දී යි.

අලී නසීර් ලකුණු 58 ක් ද, ව්රීට්යා අරවින්ද් ලකුණු 40 ක් ද, ලබා ගත්තා.

පන්දු යැවීමේ දී කීමෝ පෝල් ලකුණු 34 කට කඩුලු 3 ක් දවා ගත් අතර, ඩොමිනික් ඩ්‍රෙක්ස්, ඔඩියන් ස්මිත් හා Yannic Cariah කඩුලු 2 බැගින් බිද හෙලුවා.

Leave a comment