Ultimate magazine theme for WordPress.

බබාර්ට ක්‍රයිස්චර්ච් ටෙස්ට් තරගයත් අහිමි වෙයි

නවසීලන්තය සමග පැවැත්වීමට නියමිත දෙවන හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය ක්‍රීඩා කිරීමේ අවස්ථාව ද පාකිස්තාන නායක බබාර් අසාම්ට අහිමි වී තිබෙනවා.

ඒ ඔහුගේ ආබාධ තත්ත්වය මෙතෙක් සම්පූර්ණයෙන් සුව අතට පත්ව නොතිබීම හේතුවෙන්.

ඒ අනුව හෙට(3) ක්‍රයිස්චර්ච්හී දී ආරම්භ වන දෙවන ටෙස්ට් තරගයේ දී ද කණ්ඩායම මෙහෙයවීමේ වගකීම මොහොමඩ් රිස්වාන්ට පැවරෙනු ඇති.

බබාර් අසාම් ඊයේ දිනයේ දී පුහුණුවීම්වලද නිරත වී ඇතත්, ඔහුට සිය දකුණු අතෙහි මහපටගිල්ලෙහි සුළු වේදනාවක් දැනී ඇති බවයි පාකිස්තාන ක්‍රිකට් ආයතනය නිකුත් කළ මාධ්‍ය නිවේදනයක දැක් වුණේ.

නවසීලන්ත තරග සංචාරය ආරම්භ කරමින් පැවැති 20යි 20 තරගාවලියට ද පෙර බබාර් අසාම්ගේ දකුණු මහපටගිල්ලෙහි අස්ථි බිදීයාමක් සිදු වුණා.

ඒ හේතුවෙන් ඔහුට නවසීලන්ත තරග සංචාරයේ කිසිදු තරගයක් ක්‍රීඩා කිරීමට හැකි වූයේ නැහැ.

Pakistan squad for the second Test :

Mohammad Rizwan (c, wk), Abid Ali, Azhar Ali, Faheem Ashraf, Fawad Alam, Haris Sohail, Imran Butt, Mohammad Abbas, Naseem Shah, Sarfaraz Ahmed, Shaheen Shah Afridi, Shan Masood, Sohail Khan, Yasir Shah and Zafar Gohar

Leave a comment