Ultimate magazine theme for WordPress.

බංග්ලාදේශය සුපිරි 12 වටයේ බලාපොරොත්තු රදවා ගනියි

Match Report

මෙවර පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 12 වටයට සුදුසුකම් ලබා ගැනීමේ බලාපොරොත්තු තවදුරටත් රදවා ගැනීමට බංගලාදේශය අද සමත් වුණා.

ඒ මෙවර තරගාවලියේ හයවෙනි තරගයෙන් සම සත්කාරක ඕමානය ලකුණු 26 කින් පරාජයට පත් කිරීමත් සමගයි.

ඕමාන ක්‍රිකට් ඇකඩමි ක්‍රීඩාංගණයේ පැවති තරගයේ කාසියේ වාසිය දිනූ බංග්ලාදේශය පළමුවෙන් පන්දුවට පහර දීමටයි තීරණය කළේ.

ඒ අනුව පිටියට පිවිසි බංග්ලාදේශය නියමිත පන්දුවාර 20 අවසානයේදී සියලු දෙනා දැවී ලකුණු 153 ක් ලබා ගත්තා.

ආරම්භක පිතිකරු මොහොමඩ් නයීම් පන්දු පනහකින් ලකුණු 64 ක් රැස්කළා. ඒ හයේ පහර 4 ක් සහ හතරේ පහර තුනකින්.

ශකිබ් අල් හසාන් පන්දු 29 කින් ලකුණු 42 ක් රැස් කළා. ඔහුගේ ඉනිමට හතරේ පහර හයක් ඇතුළත්.

නායක මහ්මුදුල්ලා ලකුණු 17යි. වෙනත් කිසිදු පිතිකරුවෙකුට ලකුණු 10 සීමාව පසුකර යාමට හැකි වූයේ නැහැ.

පන්දු යැවීමේදී ඕමානය වෙනුවෙන් Bilal Khan ලකුණු 18 කට කඩුලු 3 ක් සහ Fayyaz Butt ලකුණු 30 කට කඩුලු තුනක් බිද හෙලුවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඕමානයට පන්දුවාර 20 තුළ කඩුලු 9ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 127ක් පමණයි.

Jatinder Singh ලකුණු 40ක් ලබා ගත්තා.

පන්දු යැවීමේ දී මුස්ටර්ෆිසුර් රෙහ්මාන් ලකුණු 24කට කඩුලු 4ක් දවා ගත්තා.

ශකිබ් අල් හසාන් ලකුණු 28කට බිද හෙලූ කඩුලු ගණන 3ක්.

මෙම තරගයෙන් බංග්ලාදේශය පරාජයට පත් වූයේ නම් මෙවර තරගාවලියේ සුපිරි 12 වටයට සුදුසුකම් ලබා ගැනීමේ බලාපොරොත්තු අත්හැරීමට ඔවුන්ට සිදු වනවා.

Leave a comment