Ultimate magazine theme for WordPress.

පොලාඩ් ඇතුළු ප්‍රබලයින් 12ක් බංග්ලාදේශ තරගාවලියට බෑ කියයි

එළඹෙන බංග්ලාදේශ තරග සංචාරය සදහා වන බටහිර ඉන්දීය කොදෙව් සංචිත ප්‍රකාශයට පත් කර තිබෙනවා.

කොරෝනා වසංගතය සහ පෞද්ගලික හේතූන් පදනම් කර ගනිමින් ප්‍රබල ක්‍රීඩකයින් 12 දෙනෙකු පමණ මෙම තරග සංචාරයෙන් ඉවත්ව තිබීම විශේෂත්වයක්.

ඒ අනුව මෙම සංචාරයේ දී ටෙස්ට් කණ්ඩායමේ නායකත්වය ක්‍රෙයිග් බ්‍රාත්වෙයිට් විසින් ද, එක්දින කණ්ඩායමේ නායකත්වය ජේසන් මොහොමඩ් විසින් ද දරනු ඇති.

ටෙස්ට් නිත්‍ය නායක ජේසන් හෝලඩර්, එක්දින නිත්‍ය නායක කිරන් පොලාඩ්, නිකලස් පූරාන්, ෂිම්රන් හෙට්මයර්, ඩැරන් බ්‍රාවෝ , ශම්රහ් බෘක්ස්, රොස්ටන් චේස්, ෂෙල්ඩන් කොට්‍රෙල්, එවින් ලුවිස්, ෂායි හෝප්, ෆේබියන් ඇලන් සහ ෂේන් ඩව්රිච් යන ක්‍රීඩකයින් තරගාවලියෙන් ඉවත් වීමට තීරණය කළ අය අතර වනවා.

කොදෙව් ක්‍රීඩකයින් ලබන 10 වනදා වන විට බංග්ලාදේශයට පැමිණීමට නියමිත අතර, තරග සංචාරයේ දී දෙරට අතර එක්දින තරග 3ක් සහ ටෙස්ට් තරග දෙකක් පැවැත්වීමට නියමිතයි.

Test Squad:

Kraigg Brathwaite (captain), Jermaine Blackwood (vice-captain), Nkrumah Bonner, John Campbell, Rahkeem Cornwall, Joshua Da Silva, Shannon Gabriel, Kavem Hodge, Alzarri Joseph, Kyle Mayers, Shayne Moseley, Veerasammy Permaul, Kemar Roach, Raymon Reifer, Jomel Warrican

ODI Squad:

Jason Mohammed (captain), Sunil Ambris (vice-captain), Nkrumah Bonner, Joshua Da Silva, Jahmar Hamilton, Chemar Holder, Akeal Hosein, Alzarri Joseph, Kyle Mayers, Andre McCarthy, Kjorn Ottley, Rovman Powell, Raymon Reifer, Romario Shepherd, Hayden Walsh jr

Leave a comment