Ultimate magazine theme for WordPress.

පෙරමුණ ගැනීමේ අරමුණින් මුම්බායි පිල අද යළි තරග බිමට

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ තවත් තරග දෙකක් අද පැවැත්වෙනවා.

දිනයේ පළමු තරගය, එනම් මෙවර තරගාවලියේ 35 වන තරගය පැවැත්වෙන්නේ සන්රයිසස් හයිදරාබාද් කණ්ඩායම සහ කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම අතරයි.

තරගය මෙරට වේලාවෙන් පස්වරු 3.30ට අබුඩාබි හී දී ආරම්භ වනු ඇති.

කොල්කටා කණ්ඩායම මේ වන විට ප්‍රසාද ලකුණු සටහනේ සිව්වන ස්ථානයේ පසුවන්නේ ක්‍රීඩා කළ තරග 8න් තරග 4ක් ජය ගනිමින්.

තරග 8න් 3ක් ජය ගත් හයිදරාබාද් පිල ප්‍රසාද ලකුණු සටහනේ 5 වැනි ස්ථානයේ පසුවනවා.

තරගාවලියේ 36 වැනි තරගය මෙරට වේලාවෙන් අද රාත්‍රී 7.30ට ආරම්භ වන්නේ ඩුබායි ක්‍රීඩාංගනයේ දී යි.

එම තරගය මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සහ කිංග්ස් ඉලවන් පන්ජාබ් කණ්ඩායම අතර පැවැත්වෙනවා.

මුම්බායි කණ්ඩායම ප්‍රසාද ලකුණු 12ක් හිමි කර ගනිමින් ප්‍රසාද ලකුණු සටහනේ දෙවැනි ස්ථානයේ පසුවන අතර, පන්ජාබ් කණ්ඩායම එහි අවසන් ස්ථානයේ පසුවන්නේ ප්‍රසාද ලකුණු 4ක් පමණක් ලබා ගනිමින්.

අද තරගයෙන් මුම්බායි කණ්ඩායම ජය ගතහොත් ප්‍රසාද ලකුණු සටහනේ යළි පෙරමුණ ගැනීමට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට හැකි වනු ඇති.

Leave a comment