Ultimate magazine theme for WordPress.

පූර්ණ තරගාවලි පරාජයකින් ගළවන්න ශ්‍රී ලංකා පිතිකරුවන්ට හැකිවේද?

Match Preview

සංචාරක දකුණු අප්‍රිකා කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන තරග 3කින් යුත් පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය අද(14) පැවැත්වෙනවා.

තරගය කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දී රාත්‍රී 7ට ආරම්භ වීමට නියමිතයි.

මේ වන විට තරග 2-0ක් ලෙස තරගාවලියේ ජය දකුණු අප්‍රිකාව සතු වී ඇති බැවින් ගෞරවාන්විත අවසානයක් හා 20යි 20 ලෝක කුසාලනයට ඉහළ මානසිකත්වයකින් මුහුණ දීම සදහා ශ්‍රී ලංකාවට මෙම තරගයේ ජය ඉතා වැදගත් වනු ඇති.

එමෙන්ම 20යි 20 ලෝක කුසලානයට පෙර කණ්ඩායමේ සංයුතිය හා ක්‍රීඩකයින් සම්බන්ධයෙන් අවසන් තීරණයක් ලබා ගැනීමට ශ්‍රී ලංකාවට ලැබෙන හොදම අවස්ථාව බවට ද මෙම තරගය පත් වනු නිසැකයි.

අවසන් 20යි 20 තරගය සදහා ක්‍රීඩා කිරීමට ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු කුසල් ජනිත් පෙරේරා සුදුසු ශාරීරික යෝග්‍යතාවයකින් පසුවන බවටයි තොරතුරු වාර්තා වුණේ.

ශ්‍රී ලංකා පිතිකරුවන් මෙම තරගාවලියේ පළමු තරග දෙකේදීම අසාර්ථක වූ බැවින් ශ්‍රී ලංකාවට තරගය ජය ගැනීමටනම් පිතිකරුවන්ගෙන් සැලකිය යුතු දක්ෂතාවයක් මෙම තරගයේ දී අපේක්ෂා කිරීමට අනිවාර්යයෙන්ම සිදුවනවා.

20යි 20 කණ්ඩායමේ ධනංජය ද සිල්වාගේ ස්ථානය සම්බන්ධයෙන් ද මේ වන විට ඇත්තේ ප්‍රශ්නකාරී තත්ත්වයක්.

ඒ අනුව අද තරගයේ දී ඔහුට ඇතැම්විට විවේකයක් ලබා දීම සම්බන්ධයෙන් ද බළධාරීන්ගේ අවධානය යොමු විය හැකියි.

අවිශ්ක ප්‍රනාන්දුට අද තරගයේ දී යළි කණ්ඩායමට ඇතුළු වීමට අවස්ථාවක් හිමිවිය හැකි අතර, ඇතැම් විට කමිදු මෙන්ඩිස්ට හෝ ළහිරු මදුෂංකට ද අවස්ථාවක් හිමි වීමට ඉඩ තිබෙනවා.

  • අද තරගයට ක්‍රීඩා කළ හැකි බවට අනුමාන කළ හැකි ශ්‍රී ලංකා කණ්ඩායම –

Kusal Perera, Avishka Fernando, Bhanuka Rajapaksa, Dinesh Chandimal (wk), Charith Asalanka, Dasun Shanaka (c), Wanindu Hasaranga, Chamika Karunaratne, Dushmantha Chameera, Praveen Jayawickrama, Maheesh Theekshana

දකුණු අප්‍රිකාව මේ වන විටත් තරගාවලිය ජය ගෙන ඇති බැවින් පළමු තරග දෙක සදහා ක්‍රීඩා නොකළ ක්‍රීඩකයින්ට අවසන් තරගයේ දී ක්‍රීඩා කිරීම සදහා ඔවුන් අවස්ථාවක් ලබා දීමට ඉඩ තිබෙනවා.

ඒ අනුව Wiaan Mulder, Andile Phehlukwayo හෝ Lizaad Williams යන ක්‍රීඩකයින් අතරින් දෙදෙනෙකුට හෝ සියලු දෙනාට අද තරගය සදහා ක්‍රීඩා කිරීමට අවස්ථාවක් හිමි විය හැකියි.

  • අද තරගයට ක්‍රීඩා කළ හැකි දකුණු අප්‍රිකා කණ්ඩායම –

Quinton de Kock (wk), Reeza Hendricks, Aiden Markram, Rassie van der Dussen, Heinrich Klaasen, Wiaan Mulder, Andile Phehlukwayo, Keshav Maharaj (c), Bjorn Fortuin, Anrich Nortje, Tabraiz Shamsi.

Leave a comment