Ultimate magazine theme for WordPress.

පුකොව්ස්කිට අවසන් තරගය අහිමි වෙයි – හැරිස් කණ්ඩායමට

ඉන්දියාව සමග හෙට(15) බ්‍රිස්බේන් හී දී ආරම්භ වන සිව්වන හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය ක්‍රීඩා කිරීමේ අවස්ථාව ඔස්ට්‍රේලියානු ආරම්භක පිතිකරු විල් පුකොව්ස්කිට අහිමි වී තිබෙනවා.

ඒ, ඔහු අද මුහුණ දුන් ශාරීරික යෝග්‍යතා පරීක්ෂණයකින් අසමත් වීම හේතුවෙන්.

සිඩ්නි ටෙස්ට් තරගයේ අවසන් දිනයේ දී  විල් පුකොව්ස්කි උරහිසක ආබාධයකට ගොදුරු වූ අතර, ඒ අනුවයි අද දිනයේ දී ඔහු යෝග්‍යතා පරීක්ෂණයකට මුහුණ දුන්නේ.

විල් පුකොව්ස්කි වෙනුවට අවසන් ටෙස්ට් තරගය සදහා කණ්ඩායමට කැදවා ඇත්තේ මර්කස් හැරිස්.

ඩේවිඩ් වෝනර් සමගින් ඉනිම ආරම්භ කිරීමේ වගකීම ද ඔහුට පැවරෙනු ඇති.

Leave a comment