Ultimate magazine theme for WordPress.

පිට පිට පන්දු 4කින් කඩුලු 4ක් දවා ගනිමින් කැමරන් ඉතිහාසගත වෙයි

ඔස්ට්‍රේලියානු බිග් බෑෂ් ලීග් ක්‍රිකට් තරගාවලි ඉතිහාසයේ පිට පිට පන්දු 4කින් කඩුලු 4ක් (Double hat-trick) දවා ගත් පළමු පන්දු යවන්නා බවට පත් වීමට මෙල්බර්න් රෙනෙගේඩ්ස් කණ්ඩායමේ Cameron Boyce අද(19) සමත් වුණා.

ඒ, මෙවර බිග් බෑෂ් ලීග් තරගාවලියේ 55 වැනි තරගයේ දී සිඩ්නි තන්ඩර් කණ්ඩායමට එරෙහිවයි.

තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් සිඩ්නි ඉනිමේ 7 වැනි පන්දුවාරයේ අවසන් පන්දුවේ දී හා 9 වැනි පන්දුවාරයේ පළමු පන්දු තුනේදී කඩුලු දවා ගනිමින් ඔහු මෙම දක්ෂතාවය දක්වනු ලැබුවා.

Cameron Boyce මෙම තරගයේ දී ලකුණු 21කට කඩුලු 5ක් බිද හෙලීමට සමත් වුණා.

එය මෙල්බර්න් රෙනෙගේඩ්ස් කණ්ඩායමේ පන්දු යවන්නෙකු බිග් බෑෂ් ලීග් පිටියේ දී දැක් වූ හොදම පන්දු යැවීමේ දක්ෂතාවයයි.

20යි 20 තරග ඉතිහාසයේ දී පිට පිට පන්දු 4කින් කඩුලු 4ක් දවා ගත් 10 වැනි ක්‍රීඩකයා ලෙසයි Cameron Boyce අද ඉතිහාසගත වුණේ.

Leave a comment