Ultimate magazine theme for WordPress.

පැටින්සන් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමු දෙයි

ඔස්ට්‍රේලියානු වේග පන්දු යවන ක්‍රීඩක ජේම්ස් පැටින්සන් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදීමට තීරණය කර තිබෙනවා.

අළු බදුන තරගාවලිය ආරම්භ වීමට ආසන්නව තිබියදී ඔහු මෙම තීරණය ප්‍රකාශයට පත් කිරීම විශේෂත්වයක්.

2011 වසරේ දී ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට පිවිසි පැටින්සන් ඔස්ට්‍රේලියාව වෙනුවෙන් ටෙස්ට් තරග 21කට, එක්දින තරග 15 කට සහ 20යි 20 තරග 4කට ක්‍රීඩා කර ඇති අතර, එහිදී පිළිවෙලින් කඩුලු 81ක්, 16ක් හා 3ක් දවා ගෙන තිබෙනවා.

මේ වන විට පිට කොන්දේ ආබාධයකට ද ලක්ව සිටින 31 හැවිරිදි ඔහු ඉදිරියේ දී තවදුරටත් දේශීය ක්‍රිකට් තරග සදහා ක්‍රීඩා කිරීමට අපේක්ෂාවෙන් පසුවනවා.

Leave a comment