Ultimate magazine theme for WordPress.

පාන්ඩ්යාගේ සමීපතම ආශ්‍රිතයින්ගේ PCR පරීක්ෂණ වාර්තා නිකුත් වෙයි

කොවිඩ් 19 ආසාදනය වූ ඉන්දීය තුන් ඉරියව් ක්‍රීඩක කෘනාල් පාන්ඩ්යාගේ සමීප ආශ්‍රිතයින් 8 දෙනාට කොවිඩ් 19 ආසාදනය වී නොමැති බව අණාවරනය වී තිබෙනවා.

ඒ, අද(27) සිදු කළ RT-PCR පරීක්ෂණවලදී යි.

අදාළ සාමාජිකයින් 8 දෙනා කවුරුන්දැයි මෙතෙක් ප්‍රකාශයට පත් කර නොමැති නමුත්, ඔවුන්ට ඉදිරි 20යි 20 තරග දෙක සදහා සම්බන්ධ වීමේ අවස්ථාවක් හිමි නොවනු ඇති.

කෘනාල් පාන්ඩ්යාට කොවිඩ් 19 ආසාදනය වී ඇති බවට හදුනා ගැනීමත් සමග අද(27) පැවැත්වීමට නියමිතව තිබූ දෙවැනි 20යි 20 තරගය ද හෙට(28) දිනය දක්වා කල් දැමුණු අතර, අවසන් 20යි 20 තරගය නියමිත පරිදි එළඹෙන 29 වනදා පැවැත්වීමට නියමිතයි.

පාන්ඩ්යාට සිදු කළ ඇන්ටිජන් පරීක්ෂාවෙන් හා PCR පරීක්ෂණයෙන් ද ඔහුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇති බව සදහන්.

කෘනාල් පාන්ඩ්යා හා සෙසු 8 දෙනා කොපමණ කාලයක් නිරෝධායනයට ලක් වන්නේ ද යන්න මෙතෙක් නිවේදනය කර නැහැ.

තවද අදාළ ක්‍රීඩකයාට වෛරසය ආසාදනය වූයේ කෙසේ ද යන්න සම්බන්ධයෙන් ද මෙතෙක් අණාවරනය වී නැහැ.

ජෛව ආරක්ෂිත බුබුල උල්ලංඝනය වීමක් සිදු වී ඇති බවට හදුනා ගෙන නොමැති බවත්, බුබුල තුළ සිටින වෙනත් කිසිවෙකුටත් වෛරසය ආසාදනය වී ඇති බවට මෙතෙක් තහවුරු වී නොමැති බවත්, ශ්‍රී ලංකා ක්‍රිකට් වෛද්‍ය කමිටු ප්‍රධානී මහාචාර්යය අර්ජුන ද සිල්වා මහතා සදහන් කළා.

Leave a comment