Ultimate magazine theme for WordPress.

පාකිස්තාන සුපර් ලීගයේ ඉතිරි තරග ජූනි පළමු වැනිදා සිට

අතරමගදී අත්හිටුවීමට සිදු වූ මෙවර පාකිස්තාන සුපර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ඉතිරි තරග ලබන ජූනි පළමු වැනිදා ආරම්භ කරන බව පාකිස්තාන ක්‍රිකට් ආයතනය පවසනවා.

පැවැත්වීමට නියමිත ඉතිරි තරග 20 කරච්චි හී දී පැවැත්වීමට තීරණය කර ඇති අතර, අවසන් මහා තරගය ජූනි 20 වනදා පැවැත්වීමට නියමිතයි.

පසුගිය මාර්තු 4 වනදා පාකිස්තාන සුපර් ලීග් තරගාවලිය කල් දැමීමට කටයුතු කෙරුණේ තරගාවලියට සම්බන්ධ ක්‍රීඩකයින් සහ නිළධාරීන් පිරිසකට කොරෝනා වෛරසය ආසාදනය වීම හේතුවෙන්.

ඒ වන විට පවත්වා තිබුණේ තරග 14ක් පමණයි.

තරගාවලිය සදහා සම්බන්ධ වන සියලු ක්‍රීඩකයින් සහ සෙසු පුද්ගලයින් ලබන මැයි 22 වනදා සිට සතියක කාලයක් නිරෝධායනයට ලක් කිරීමට නියමිත බව සදහන්.

අනතුරුව ක්‍රීඩකයින්ට පුහුණුවීම් කටයුතු සිදු කිරීම සදහා දින 3ක කාලයක් ලබා දී තිබෙනවා.

 

Leave a comment