Ultimate magazine theme for WordPress.

පාකිස්තාන ටෙස්ට් සංචිතයට නවකයින් 6ක්

සංචාරක දකුණු අප්‍රිකා කණ්ඩායම සමග පැවැත්වීමට නියමිත පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය සදහා වන පාකිස්තාන සංචිතය නම් කර තිබෙනවා.

බබාර් අසාම්ගේ නායකත්වයෙන් යුත් සංචිතයට ක්‍රීඩකයින් 17 දෙනෙකු ඇතුළත්.

ඊට මෙතෙක් ටෙස්ට් වරම් දිනා නොමැති ක්‍රීඩකයින් 6 දෙනෙකු නම් කර ඇති බවයි එරට ක්‍රිකට් ආයතනය සදහන් කළේ.

දෙරට අතර පැවැත්වීමට නියමිත තරග 2කින් යුත් ටෙස්ට් තරගාවලියේ පළමු තරගය හෙට(26) කරච්චි හී දී ආරම්භ වීමට නියමිතයි.

මෙය බබාර් අසාම් ටෙස්ට් තරගයකදී පාකිස්තාන කණ්ඩායම මෙහෙයවන පළමු අවස්ථාව වීම ද විශේෂත්වයක්.

Squad: Abid Ali, Imran Butt, Azhar Ali, Babar Azam (c), Fawad Alam, Saud Shakeel, Faheem Ashraf, Mohammad Nawaz, Mohammad Rizwan, Sarfaraz Ahmed, Nauman Ali, Sajid Khan, Yasir Shah, Haris Rauf, Hasan Ali, Shaheen Shah Afridi, Tabish Khan

Leave a comment