Ultimate magazine theme for WordPress.

පාකිස්තාන ක්‍රීඩකයින් 35 දෙනාටම කොරෝනා නැහැ

දකුණු අප්‍රිකා තරග සංචාරය සදහා එක්වීමට නියමිත පාකිස්තාන සංචිතයේ ක්‍රීඩකයින් 35 දෙනාම කොරෝනා වෛරසය සම්බන්ධයෙන් මුහුණ දුන් වෛද්‍ය පරික්ෂණයෙන් සමත් වී තිබෙනවා.

ඒ අනුව හෙට(26) දිනයේ දී ඔවුන් දකුණු අප්‍රිකාව බලා පිටත්ව යෑමට නියමිත බවයි පාකිස්තාන ක්‍රිකට් ආයතනය සදහන් කළේ.

මීට සතියකට පෙර පාකිස්තාන සංචිතයේ ක්‍රීඩකයෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට අණාවරණය වී තිබුණා.

අනතුරුව ඔහු හැරුණු විට සෙසු ක්‍රීඩකයින් පසුගිය 19 වනදා සිට ලාහා්ර්හී දී පුහුණු කදවුරකට සහභාගී වූ අතර, පුහුණු තරග දෙකක් සදහා ද ඔවුන් සහභාගී වුණා.

වෛරසය ආසාදනය වූ ක්‍රීඩකයා වෛද්‍ය පරීක්ෂණ දෙකකින් සමත් වීම හේතුවෙන් ඔහුට ද යළි සංචිතය හා එක්වීමට මේ වන විට අවසර හිමිව තිබෙනවා.

පාකිස්තාන කණ්ඩායමේ දකුණු අප්‍රිකා තරග සංචාරයේ දී දෙරට අතර එක්දින තරග 3ක් සහ 20යි 20 තරග 4ක් පැවැත්වීමට නියමිත අතර, පළමු එක්දින තරගය ලබන 2 වනදා පැවැත්වීමට නියමිතයි.

Leave a comment